Archive for the 'Uncategorized' Category

21
Nov
13

මගෙ මද්‍රි නම් බිසෝ ගේ

නීතිඥ ජෝන් ද සිල්වා, “වෙස්සන්තර නෘත්‍යය” රඟදක්වන්නේ 1916 දීයි. මෙහි එන “මගේ මද්‍රි නම් බිසෝගේ” නම් ගීතය ගායක ගායිකාවන් වැඩිම ප්‍රමාණයක් විසින් ගායනා කරණ ලද ගීතය යැයි සිතමි. නීතිඥ ජෝන් ද සිල්වා ශාන්ත ජෝෂප් වීදියේ විජය මන්දිරයේ දී ලියා ඇති අයුරින්…

වෙස්සන්තර ජාතක.
(ක්‍රි.ව. 1916)

ප්‍රස්තාවනා
මෙම මධුර නාටකයේ කථා ශරීරය ජාතක පොතෙන් උපුටා නාට්‍ය කලා අනුව දෘෂ්‍ය කාව්‍යයට නැගුවෙමි. බුදුබව ප්‍රාර්ථනා කරගෙණ සසර ගමන්කරණ බෝධිසත්‍වයන් වහන්සේ විසින් දියයුතු පංච මහා දානයන් අතුරෙන් අඹු දරු දානය කොයිතරම් හිතට අමාරු දානයක්දැයි මෙම වෙස්සන්තර කාව්‍යයෙන් අප ජනයාට පෙණීයනවා ඇත. මෙහි රැඟුම් දක්වන නාට්‍ය කරුවන් පස්පවින් වැලකී ශ්‍රද්ධාසම්පන්නව රැඟුම් කළයුතු බව දන් වමි. වෙන නාටකවලදී ව‍ාගේ හරියාකාර පාඩම් නොකර නොසැලකිලි ගතියකින් නැටුම් පෙන්වන්ට අදහස් කළොත් බුද්ධාශාසනය රක්ෂාකර වදාරණ දෙවි දේවතා වහන්සේලා කිපී වස් දොස් සිදුවෙන්ට හැකි බැවින් සියලුම නැට්ටුවෝ යහපත් චරිතයකින් සිටගෙණ නැටුම් පෙන්වන දිනට පසු දවසේ විහාර ස්ථානයකට පැමිණ බුදුහාමුදුරුවන්ට මල් පහන් පුදා නමස්කාර කොට පන්සිල් අරන් සියලුම දෙවි දේවත්වුන්ට පින් අනුමෝදන් කරත්වා. එසේ කළාම කිසි වස් දොසක් සිද්ධනොවී නැට්ටුවාට යහපතක් සිද්ධවෙන බව සිතට ගතයුතුයි.
……
ජෝන් ද සිල්වා.

පෙරකදෝරු
වර්ෂ 1916 නොවැම්බර් මස 21 දින
කොළඹ සංජෝශප් වීථියේ විජය මන්දිරයේදීය.

එකී නෘත්‍යෙය් එන මේ ගීයේ විවිධ ගායනා….
පින්තාලිය Facebook එකට ගොඩවැදී අහන්න.

Mage Madri Nam Bisoge _ කිත්සිරි ජයසේකර සමිතා මුදුන්කොටුව සමගින්
Mage Madri               – කුමාරි මුණසිංහ සමග වික්ටර් රත්නායක
Mage Mandri              – දයාරත්න සහ අමරා රණතුංග යුවල
Mage Mandri Nam Bisoge – නිර්මලා රණතුංග සමග අමරසිරි පීරිස්
Mage Mandri Nam Biso – නිර්මලී පෙරේරා මාකලන්ද

මෙම ගීයේ Youtube වීඩියෝ සඳහා සබැඳි…
ඩබ්. ඩී. අමරදේව සහ සුභානි අමරදේව
live performance of “Pranama Amara Gee Sara” held in “Dorothy WinstonCentre”, Auckland, New Zealand in 1999.

http://www.youtube.com/watch?v=f7U2m9_M-7U

Mage Mandri – Nissanka & Chandrani Gunawardana (ITN – Sanhinda)

http://www.youtube.com/watch?v=LrQR3o9NOn4

Mage Mandri Dayarathna & Amara

http://www.youtube.com/watch?feature=player_detailpage&v=uvdNYkgkCLg

මීට අමතරව මේ ගීය, සුදත් සමරසිංහ සමග මැණිකේ අත්තනායක, දීපිකා ප්‍රියදර්ශනී සමග කෝලිත භානු සහ තවත් ගායක ගායිකාවන් රැසක් ගයා තියෙනවා.

මගේ මද්‍රි නම් බිසෝගේ
යාඥාවෙ බෝය වේගේ
නෙක් චණ්ඩ ව්‍යාඝ්‍ර වාසේ
හිමාල දේශ දේවී

හාමත්ව ඉන්ට වේමැයි
බෝ දුක් විඳින්ට වෙන්නේ
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ

ගෙයි පාන නෑ ගියෝතින්
මම් අන්ධකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ
ඒ වාස මාගෙ වාසේ

බෝ චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී

ඉඩක් ලද විට මෙම ලිපිත් කියවන්න

http://www.silumina.lk/punkalasa/20130616/_art.asp?fn=ar13061612

http://www.silumina.lk/punkalasa/20130324/_art.asp?fn=ar1303248

 

Advertisements
19
Nov
13

මේ පැත්තෙත් ඇවිත් යන්න. ඒ පැත්තෙත් ගිහිං එන්න

පින්තාලිය Blog අඩවිය හා පින්තාලිය මුහුණු පොත ඒවායේ පරිසරයට යෝග්‍ය වන අයුරිනුයි පවත්වාගෙන යන්නෙ. ඒ නිසා මේ අඩවි දෙකේම සැරිසරන්න කියලා ඇරයුම් කරණවා.

FB https://www.facebook.com/pinthalya

PinthaliyaFB

15
Nov
13

CHOGM 2013 Inaugurated

Thank you very much distinguished guests …

come, explore and experience the wonders of this paradise nation…

එන්න සේද මාවත දිගේ, කෙම් බිමට දොර හැර තිබේ …

vlcsnap-2013-11-15-14h48m45s103 vlcsnap-2013-11-15-14h48m43s78

https://www.facebook.com/photo.php?v=465701753539082

01
Nov
13

විනය හා විනය

මේ ලිපිය මේ අඩවියේ තේමාව වන ගීය ට අදාල නැහැ. ඒත් ඇහැ කන පියාගෙන හිටියොත් අපට ගීයක් රසවිඳින්නවත් ලොවක් තියේවිද?

එනිසා මෙය පළකරමි.

අප කරණ කුමන හෝ කාර්යයක් තුළ විනයක් පවත්වා නොගනී නම්, තමන්ටත්, අසල්වැසියාටත්, ගමටත්, රටටත්, ලෝකයටත් වන්නේ විනයක්මය.
අද අප ඉන්නේ තාක්ෂණයෙන් ඉතා ඉහළ තැනකය. එය සැබැවි.
එහෙත් තාක්ෂණය පරිහරණය කරන්නෝ ඉන්නේ කොතැනද?
නව මං සොයා යමින්, නව නිපැයුම් තනමින්, ලෝකයට දැනුම බෙදන්නෝ ඉන්නේ ඉතාම අඩු ප්‍රමාණයකි. මහත්සේ සිත කය වෙහෙසා එවැන්නන් තැනූ දේ, බොහෝ අය පරිහරණය කරන්නේ වඳුරාට දැලි පිහිය අසුවූ විලාසෙනි. මේකෙන් මොනවා කරනවාද, මේක පාවිච්චි කළ යුත්තේ කොතැනද, මේක පත්තියන්ද, නැත්ද, මූට මේ කිසිවක් ගැන තේරුමක් නැත. මූ පිහිය වනන්නේ තනිකරම පයිත්තියන් කාරයකු විලසිනි.
වැරැද්ද කොතැනද?
පාලනයක් නැති කමයි. පාලනයක් නැති තැන හික්මීමක් ප්‍රගුණ නොකළෝ නටන්නේ පිස්සුමය. ඒ පිස්සු වල විපාක හත් මුතු පරම්පරාවක්ම විඳවනවාය. අපේ ඉතිහාසයේ මේවාට ඕනෑතරම් උදාහරණ ඇත. පිස්සු කෙළින්නන් කොතැනත් බහුලය. එනිසාවෙනි අප දන්නා ඉතිහාසයේ සිටම රංචුවකට නායකයෙක් බිහිවූයේ. (පිස්සු නායකයෙකු බිහිවූවොත් අනේ උන් රැළට දෙයියන්නේම පිහිටයි.)
නායකයකු සිටියද පාලනය සඳහා නීති රීති අවශ්‍ය වේ. නීතිය ක්‍රියාත්මක නොවේ නම්, තියෙන නීතියේ හිඩැස්, අඩු ලුහුඬුකම් තිබේ නම් නායකයකු සිටියද වැඩක් නැත. හෙට දවසේ යහපත් ලොවක් තිබෙන්නට නම්, රැහේ නායකයා අතිශය විනයගරුක, හික්මීමක් ඇති, මනා සංයමයක් ඇති, දුර දක්නා නුවණින් හෙබි, දැහැමි පුද්ගලයෙකු විය යුතුය. ඔය සියල්ල 100% ක් පිහිටි කවරෙකු හෝ නැති බවද සැබෑය.
හොඳ නායකයකු ඇති කල ඔක්කොම හරිද?
රහතන් වහන්සේලා සිටිද්දී වජ්ජී භික්ෂුන් ද සිටියහ. අජාසත්ත සිටියේ බිම්බිසාර සිටයදීමය. අහිංසක ව, අංගුලිමාල කරවූවෝ සිටියේ එකම විටය. නාලාගිරි ලා ආලවකලා ජුදාස්ලා ගැන අප නොදන්නවාද? ඒත් එදා සිටම අදත් පිස්සු කෙළීම පවතී. හෙටත් පවතින්නේය. ඒ ලෝකෙ හැටිය.
බුදුන් වහන්සේට මේ ඔක්කොම ගොඩදාන්න හැකිවූයේ නැත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට හෝ මොහම්මද් තුමාට හෝ ද නොහැකි විය. ලෝකය යන්නේ එහෙමය. පිස්සු කෙළීම යහපත් සමාජයක් පැවතීමට එරෙහිව ක්‍රියාකාරකම් වල නියැලීම, යන කාරණයන් උච්ච වීම, ලෝක විනාසයයි. මිනිසාගේ විනාසයයි.
කලින් කලට ශ්‍රාස්තූවරු පහලවන්නේ මේ ඔද්දල් වූ සමාජය පිරිපහදු කිරීමටයි. නායකයෙක් (යහපත් නායකයන්) පහලවන්නේ රැල යහමගේ දක්කාගෙන යාමටයි.
ඒත් නායකයාට සියල්ල කළ නොහැක්කේය. ඔහුට සහය අවශ්‍යය. නිවැරදි කළයුතු තැන් පෙන්වා දෙන උපදේශකයන් අවශ්‍යය. ඒ හැමගේ අරමුණ විය යුත්තේ යහපත් හෙට දවසක් ගොඩනැගීම විය යුතුය.
අද හැමතැනම යන්නේ බල අරගලය පිළිබඳ ගේමක්ය. මොන මගෝඩියක් පාහර වැඩක් කරලා හරි බලය ගොඩනගාගන්න හදන එවුන් සුර සිහින දැක්කාට, උන්ට සුර ලෝකයක් නැත. ඒ බව හැම ශ්‍රාස්තූන් වහන්සේලාම දේශනා කර ඇති නුමුත්, ඒක දන්නේ ද යමක් කමක් තේරුම් ගත හැකි සොච්චමක්මය. ඒත් මුන් ගේ මේ ගේම අස්සේ අගාදයට යන්නේ, හෙට දවසය. සමාජය දූෂ්‍ය කරණ නොයෙකුත් දේ වපුරමින් තම අරමුණු හරි කර ගන්නට දඟලන හැත්තට, හෙට ලෝකය පේන්නේ නැත. හෙට දවස යහපත් විය යුතුයැයි චින්තනයක් උන්ට නැත.
ඉදින් මේ විගඩම් කෙළිය මෙහෙම යන්න ඇරලා බලා හිටියොත් අධිවේගයෙන් විනාසයට ළඟාවිය හැක. අද සිදුවී ඇති ලොකුම වින්නැහිය නම් සමාජය විසෙන් සම්තෘප්ත තත්වයකට පත්ව තිබීමයි. ඒ බැව් අද සමජයට තේරෙන්නේ නැතිවා
මෙන්ම, තේරෙන්න ඉඩක් හරින්නේද නැත. බල අරගලයේ ඉන්නෝ ඉතා සූක්ෂ්මව සමාජයට විස පොවත්. බැලූ බැල්මට හරි ෂෝක් වැඩය. එහෙත් යටින් යන්නේ මුළු මහත් මිනිස් සංහතියම විනාස කරණ මූල්‍යමය හෝ බලය තකා වූ තුච්ඡ වැඩපිළිවෙලක්ය.
මේ නස්පත්තියට ප්‍රධානම හේතුව විනය පිරිහීමය. ඊයේ ජාතික රූපවාහිනියේ සජීවී වැඩසටනකට සහභාගි වූ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය කුමාර හිරිඹුරේගම මැතිතුමා පැවසූ වචන ටිකක් අහම්බෙන් මගේ කණට ඇහුණමුත් අවාසනාවකට මුළු කතාව ශ්‍රවණයට අවස්ථාවක් නොලද්දෙමි. ඔහු කීවේ තමා පාසල් යන විට තම පාසැලේ ඔහුට වෙසෙසින්ම ඉගැන්වූයේ විෂය දැනුමට වඩා විනය බවයි. මගේ පංතියේම ශිල්ප හැදෑරූ එතුමා කී කාරණය ඌනපූරණයක් ඇතිව මම මෙසේ කියමි.
අපට එකල විනය විෂයක් ලෙස ඉගැන්වූවා නොවේ. එකල අපේ ගුරුවරු අපට ගුරුහරුකම් දුන්නේ විනයක් නැතිව ශිල්ප ශාස්ත්‍රය හැදෑරුවාට වැඩක් නොමැති බව පසක් වන අයුරින්ය . හැමවිටම ඔවුන් ක්‍රියා කළේ අපට ඒ බව දැනෙන අයුරින්ය. එවන් පරිසරයක් අපේ පාසලේ තිබුණු බව මා ද මතක් කරන්නේ අපේ ගුරු දෙවිවරුන්ට භක්ති ප්‍රණාමය ද පුදකරමිනි.
ඇස් ඇර බලන්න. නුවණින් දකින්න. ඔබ කරන්නේ කුමක්ද? හෙට ලෝකය විනාශ මුඛයට ඇද දමන දෙයක් නම් ඔබෙන් සිදු වන්නේ, ඔබ පව්කාරයෙකි. අප හැමෝම තරඟයකය. ඒ තරඟය දිනන්න හදන්නේ ප්‍රෝඩාවකින් නම්, මගෝඩියකින් නම් ඔබ ගෙල සිඳින්නේ ඔබේම පුතණුවන්ගේය. ඔබ කෙළසන්නේ ඔබේම දියණියය. ඔබ නින්දා කරන්නේ ඔබේම පරපුරටය. ඔබේ රටටය. සමස්ථ මිනිස් සංහතියටමය.

එතකොට මේ අපි විතරද ඔය විනය රකින්න ඔනේ? මහ එවුන් ට ඕන එකක් කැපයි ද? උන් කරණ පාහරකම් දස සුනඛ වැඩ ඕකේ ද? යැයි නහරයෙක් කියනු ඇත. කෝ හික්මීම? කෝ කාරණා කාරණා තේරුම් ගැනීමේ ශක්තිය? මේවා සූක්ෂ්ම ලෙස ඔබෙන් පලවා හැරලා. ඉඳුරන් පිනවීමටම මුල් තැන දෙමින් ඇතුරූ දහසක් විස ව්‍යාපාර වලින් ඔබේ මනස අවුල් කරලා. තරුණ දිවිය තුළ අරගලයට ඇති නැඹුරුව දන්නා මේ දුෂ්ට හැතිකරය ඔබේ ඒ ශක්තීන් යොදාගෙන තියෙන්නෙ ලෝකය ගොඩනගන්න නොවෙයි, ඔවුන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගන්න. ඔබ මුලාවෙලා.
ජනාධිපති තුමා ඊයෙ පෙරේදා දවසක FACEBOOK එකේ නොදකින යහළුවන් ගැන පවසමින් ඔබට තේරුම් කරන්න හැදුවෙ, ඒ තුළ විය හැකි අනර්ථයන්, විනාසයන් ගැන ඔබට කියා දෙන්න. ඒක ඇතැමෙක් එතුමා FACEBOOK විරෝධියෙක් ලෙස හුවා දක්වන්න යොදාගෙන තියෙනවා.
එතනත් කාරණා තේරුම් ගැනීමේ නුවණේ බාලකම. ඔන්න හොඳ පොටක්
දෙන්නම් වැඩේ.
මම කලිනුත් සඳහන් කළා සේ හික්මීම, විනය වගේ දේවල් මිනිහෙකුගේ ජීවිතයේ දවසින් දෙකෙන් ගොඩනගා ගත හැකි දේවල් නොවේ. ඒවා බොහෝ කාලයක් තුල හොඳ ගුරුහරුකම් මැද ප්‍රගූණකිරීම තුලින් වගා කරගත යුතු ගුණාංග. පහුගිය දශක තුන හතරක කාලයේදී අපේ රටේ මිනිස්සු අතරින් මේ උතුම් ගුණාංග පලා ගියා. පලා යන තැනට විනේ කැටුවා. ශාපේ තොපි කාට වුනත් හෙටත් මෙහෙම වෙන්න ඇරලා බලාහිටියොත් ඔබත් ඒකට සම්මාදම් කාරයෙක්.

01
Nov
13

ස්වර්ණමාලි හා රත්නවල්ලි පැටලිල්ල

…….  මේ ආකාරයෙන් මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වුණ කල්හී වෙසක් පුන් පොහෝ දිනයෙහි මහා සෑය කරවන්නට සූදානම් වී මුල් වැඩ අරඹන ලද්දේය. එහිදී මහා සෑය බිමෙහි පිහිටි එක්තරා රන්තෙළඹු ගසක් ඉවත් කළ යුතු වූයේය. එකල්හී එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව් දුවක් රහතන් වහන්සේලා මුණගැසී ඇගේ දිව්යඑ විමානය පිහිටි රන් තෙළඹු ගස ඉවත් නොකරන්නැයි ඉල්ලා සිටියයා. එවිට මහ රහතන් වහන්සේලා ඒ දෙවඟනට මහා ස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව් දුව රහතන් වහන්සේලා ගේ ආයාචනයට සතුටු වී තෙළඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළකර සිටියාය. ඕතොමෝ ඉල්ලීමක් ද කරන්නී සෑයට තම නම තබන ලෙස ද රහතන් වහන්සේලාගෙන් අයැද සිටියාය. එකල්හී එයට සවන් දෙන රහතන් වහන්සේලා එනමින් සෑය බැඳීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමාට දැනුම් දුන්නාහුය.

මේ ස්වර්ණමාලිය සම්බන්ධ කතාවයි.
මහගම සේකර ලියූ පණ්ඩිත් අමරදේවයන් ගැයූ මේ ගීය දෙසත් විමසුම් ඇසක් යොමු කරන්න.

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි

උනා නීල වර්ණ වරල
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍ර චාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති
රත්න තිලක පැළඳි ලියේ
සිනාසිසි විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම
තාල හඬට හඩන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඉංග්‍රීසි ජාතික ඇල්. ඩී. බර්නාඩ් මහතා විසින් රචිත ග්‍රන්ථයක මෙසේ සඳහන් වේ.

සූර්ය වංශයෙන් පැවත එන බව කියන මිනිස්‌ දෙව්දුවක්‌ වශයෙන් ප්‍රසිද්ධ වූ රත්නවල්ලිය ගේ වාසස්‌ථානය වූයේ තෙලඹු ගසයි. මේ තෙලඹු ගස පිහිටියේ අනුරාධපුර ප්‍රදේශයේය. තෙලඹු ගසේ වාසය කරන රත්නවල්ලියට පුද පූජා පැවැත්වීම එකල රොඩී ජනයාගේ සිරිත විය. මේ අතර දුටුගැමුණු රජතුමා රුවන්වැලි දාගැබ පිහිටුවීමට තෙලඹු ගස පිහිටි ස්‌ථානය තෝරාගත් බවද සඳහන් වේ. එහෙයින් දේවතා දුවට බිලි පූජා පවත්වා සතුටු කිරීමෙන් දාගැබ තැනීම සඳහා ගස කැපීමට හැකි වෙතැයි රජතුමා කල්පනා කර ඇත. ඒ අනුව රජතුමා දේවතා දුවට බිලි පූජා පැවැත්වීය. අනතුරුව සාදන දාගැබ සඳහා රුවන්වැලි යන නම තබන්නේ නම් ගසින් බැස කැපීමට ඉඩදෙන බව රත්නාවලී දෙව්දුව රජතුමාට කියා ඇත. දෙව්දුවගේ අවසරයෙන් දුටුගැමුණු රජතුමා තෙලඹු ගස කපා එම ස්‌ථානයේ දාගැබ සාදා රුවන්වැලි යන නම යෙදුවේය.

එහෙත් සාහිත්‍යකරුවා විසින් කාල වකවානු ගැන විමසීමක් නොකර පැරකුම්බා රජ දියණී රත්නවල්ලිය තෙළඹු ගසක් හා පටලවමින් මෙවන් වූ කතාවක් කියයි.

1887 දී එවකට ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි ඉංග්‍රීසි ජාතික හ්‍යු නෙවිල් මහතා විසින් 1887 දී රත්නවල්ලි කවිවල එකතුවක්‌ තැප්‍රොබේනියන් නමැති සඟරාවක පළකරන ලද බවත් එයට කවි 13 ක්‌ ඇතුළත් වූ බවත් සඳහන් වේ.
එයට සිංහල කාව්‍ය ඉතිහාසයේ උසස්‌ තැනක්‌ හිමිවී තිබීම සැලකිය යුත්තකි. හ්‍යු නෙවිල් මහතා එම රත්නවල්ලි කවි සොයාගෙන ඇත්තේ වන්නිය ප්‍රදේශයෙනි. වන්නියේ රොඩී ජනයා අතර ප්‍රචලිතව තිබූ මෙම කවි වලින් පළමුවන කවි තුන මෙසේය. මේ කවි රත්නපුර දිස්ත්‍රික්‌කයේ තලාවිටිය ගමේ කුප්පායමක ජීවත්වූ වාසනාවල්ලී නම් කාන්තාවන් විසින් ගායනා කරනු ලැබීය. රත්නවල්ලි කවිවල තේරුම් ගෙන දෙනු අන්දමට රොඩී ජනතාවගේ ප්‍රභවය පැරකුම් රජුගේ දුව වන රත්නවල්ලි දක්‌වා ගෙන යා හැකි බව හ්‍යු නෙවිල් මහතා තවදුරටත් කියා ඇත.

නිල්බර නිල් රුකට පිටදී උන්නු ලියේ
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ
පිල්බර කඳන්වල පැහැපත් කරන ලියේ
නිල්බර තෙලඹුවෙන් බහු රත්න වල්ලියේ

ගනසා මඬුල්ලෙන් ගැවසුන රුක්‌ කඳට පිටදී සිටින නිල්වන් කෙස්‌ කළඹින් යුතු කාන්තාව මොණරකු මෙන් පැහැබර රත්නවල්ලියනි නිල්වන් තෙලඹු ගසින් බසින්න.

ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

නටමින් ඈත සිට ඔබ එන්නෙහිය. මුදු කෝමළ තැනැත්තිය ඔබ දැන් ළඟ සිට එන්නෙහිය. පබලු වලින් අලංකාරව නිසලව එන පැරකුම්බා රජුගෙ දුව වන නවරත්න වල්ලිය.

සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ
ගාත ගීත උන ඉසරද නැද්ද ලියේ
බීත කරන මුතු මාලා බැන්ද ලියේ
ගාතා අසන්නට වර රත්න වල්ලියේ

සීතල මුදු සල්මල් වලින් කළ මල් මාලාවකින් සැරසී සිටින කාන්තාව නුඹට උණයක්‌ හිසරදයක්‌වත් වැළඳෙන්නේ නැද්ද? භයංකර පබළු වැල් පළඳින්නාවූ රත්නවල්ලියනි අපගේ ගාථා අසන්නට අප වෙත එන්න

රත්නවල්ලි කවි ගැනත් රොඩී ජනයා ගැනත්  හ්‍යු නෙවිල් මහතා ඉහතින් සඳහන් කළ විස්‌තර අනුව රත්නවල්ලිය තෙලඹු ගස වාසස්‌ථානය කරගත් මිනිස්‌ දෙව්දුවක්‌ බව සඳහන් කර ඇත. එහෙත් ඒ මහතා සොයාගත් තවත් කතාවකින් කියවෙන්නේ රත්නවල්ලිය දෙව්දුවක්‌ නොවන බවය. ඇය ලංකාවේ රජ කෙනකුගේ දුවක්‌ බවත් රොඩී ජනයා ඇයට සලකනු ලබන්නේ රජතුමාගේ දුවක්‌ ලෙසිනි. රජතුමාගේ දුව මිනීමස්‌ කෑමට ආශා කළ නිසා ඒ ගැන කලකිරී සිටි රජතෙමේ සිය දුව රොඩියකුට නැතහොත් දඩයම් කරුවකුට සරණපාවා දුන් බවත් කියවේ.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ තලාපිටිය කුප්පායමේ වාසනාවල්ලි විසින් ගායනා කරන ලද තවත් කවි කීපයකින් මේ බව ඔප්පු වේ.

උඩුමාලෙන් බැහැපන් රත්න වල්ලියේ
සළු පළඳින්නට බැහැපන් රත්න වල්ලියේ
මුතු පළඳින්නට බැහැපන් රත්න වල්ලියේ
රොඩියට දෙන්ට බැහැපන් රත්න වල්ලියේ

අතමුල වළලු අතමුල සෙලෙවි සෙලවියේ
පාමුල ගිගිරි පාමුල සෙලෙවි සෙලෙවියේ
කරේ තියෙන මුතු දෙපොටත් නොසෙල්ලියේ
සබේ මැදට බහුකෝ රත්නවල්ලියේ

කොතනක සිටන් එන්නෙ ඇල්ලි මැල්ලියේ
රුහුණේ සිටන් එන්නෙ ඇල්ලි මැල්ලියේ
දෙපයේ ලාපු ගිගිරින් සෙල්ලි සෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

(1952 පෙබරවාරි 10 දින ශාස්‌ත්‍රාචාර්ය සී. ඇම්. ඔස්‌ටින් ද සිල්වා මහතා සිළුමිණ පත්‍රයට සැපයූ ලිපියක් ඇසුරිණි)

දැන් මේ රත්නවල්ලිය පැරකුම් රජුගෙ දුව බවකුත්, තෙළඹු ගහකට හා රොඩී නම් ජන කොට්ඨාශයකට සම්බන්ධ පුවතක් ඇති බවකුත් කියැවේ. පැහැදිලි වන්නේ රත්නවල්ලි කවි ලියූ සාහිත්‍යකරුවා ඉතිහාසය හෝ කාලවකවානු හෝ ගැන සැලකිලිමත් නොවී ජන වහරේ ආ කතා කීපයක් ඇසුරින් එම රත්නවල්ලි කවි ලියූ බවයි.

ඉතිහාසය සම්බන්ධ වාර්තා තැබුවෝ ද සොයාගත් තොරතුරු ලියා තැබීමේදී කළ වැරදිද බොහොමයකි. (චෛත්‍යයක් තනන්නට බිලි පූජා කළැයි කීම අදහන්නට බැරිය)
වෙන්නට ඇතැයි අනුමාන කළ හැකි දෙය හැටියට මට තේරුම් යන්නේ අනුරාධපුරයේ ස්වර්ණමාලිය හා පැරකුම් රජුගේ දියණී රත්නවල්ලිය පටලවා ගැනීමකි.
ස්වරණමාලි, රත්නමාලී, රත්නාවලී, රත්නවල්ලී ලෙස පටලැවිල්ලක් වූයේ සාහිත්‍යකරුගේ අතිනි. කාල වකවානු දෙකෙහිදීම රොඩී ජන කොට්ඨාශයක් විසූ බවට ජනප්‍රවාද පැවතීම ද සාහිත්‍යකරුවාගේ පැටලිල්ලට තවත් හේතුවක් වන්නට ඇත.

වැරදි සිදුවීම මනුස්ස ස්වභාවයයි. එහෙත් වැරැද්ද නිවැරදි කර ගත යුතුය. එසේ නොකළහොත් හෙට අප එරෙන්නේ ගොඩ එන්නට අමාරු ගොහොරුවකය.
මා මේ ගෙනහැර දක්වන ගීය රසයෙන් අඩු නැත. එහෙත් තවදුරටත් සිදුවූ වැරැද්දක් ඇදගෙනයාමක් එහි දක්නට ලැබේ.

නිල් වන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ

නුඹෙ නමින් සෑය බදිමි මා දිවුරන්නේ
මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ

සිත භීත කරයි මා අසරණ වේද රජුන්නේ
මහ සෑය බදින්නට වෙන තැන් නැද්ද සොයන්නේ

මහ සෑය පුරා මල් දමකට නුඹ ගැලපෙන්නේ
ඔය තෙළඹු ගසින් බැස වැඩපන් ස්වර්ණමාලියේ

නිල් වන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ

ඔය අගේ වඩන රන් තෙළඹුව නොසිත ලොභා
නුඹ මගේ අණසකට ඉහළින් යන්ට එපා

වෙන සහේ යන්ට මට කුලයක් නොමැත සුබා
මගෙ ගාඩි වංශයට යනකල් නම් අසුභා

නිල් වන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ

නුඹෙ නමින් සෑය බදිමි මා දිවුරන්නේ
මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ

ගීය ගයන්නේ සේනානායක වේරලියද්ද සමග කුමාරි මුණසිංහයි.

නුවන් සපිරි ඉඳුනිල් මින සේම සුදිලියේ
අලන්කාර ගෙලවට රන්මාල බැබලි යේ
උතුන් තිසරනේ අනුහස් හැඳින දෙව්ලියේ
මෙරන් තෙළඹුවෙන් බැස පල ස්වර්ණමාලියේ

ලෝක සතට මොක් සිරි ගෙන දෙන සෙ ප්‍රීති යේ
ලෝක නාත මුනි දාතුන් තබා ගර්බ යේ
නේක රුවින් සෑ බඳවමි මෙගරු බූමි යේ
සෝ ක නොවම බැස පල අද ස්වර්ණ මාලි යේ

සක් බඹ සර සුර නරන් ආදි සතට දෙව් ලියේ
මෙත් කොට පිං අනුමෝදන් කරමි ප්‍රීතියේ
එක්කම පිංදෙමි නුඹටද මෙමම සුරලියේ
මොක් සැප පතමින් බැස පල ස්වර්ණසමාලි යේ

මනා රුවින් තෙළඹූව උඩ සිටින ලියේ
සිනා බසින් දන මන තුටු කරන ලියේ
දිලේ නුවන් නිල් මිනි පරදන සෙ ලියේ
ඉතා සැනින් බැස පල ස්වර්ණනමාලි යේ

උවනය දිලෙයි පායන පුර සඳසෙ ලියේ
හුනු විය මහද නුඹ කියනා බසට ලියේ
අලලිය මල් කැකුල සෙ රුව දිලෙන ලියේ
බැසපිය තෙළඹූවෙන් අද ස්වර්ණලමාලි යේ

රන්වන් එරන්වන් රන්වන් කොමළ ලියේ
රන්වන් එරන්වන් ගෝමර බඳ දිලි යේ
රන්වන් එරන්වන් නුඹෙ රුව කළ එලියේ
රන්වන් තෙළඹුවෙන් බසු ස්වර්ණමාලියේ
http://si.wikibooks.org/

මෑත කාලයේ රචිත රත්නවල්ලි ගී වලට මේ සැහැල්ල ද පාදක කරගන්නට ඇත.

ඉතිහාසය හෙළිදරව් කරගැනීමට ඇති මූලාශ්‍ර ලෙස ගන්නා ලේඛන වල පටලැවිලි රාශියකි.

(මතු සම්බන්ධයි)

23
Sep
13

එන්න රිසිසේ පැන් බොන්න

mp3 ගී ලබාගත හැකි අඩවි කොතෙකුත් අන්තර්ජාලය තුල තිබෙනවා. නුමුත් මේ බොහොමයක් අඩවි පවත්වාගෙන යන්නේ කුමණ අරමුණකින් දැයි තේරුම් ගන්නට බැහැ. ඔවුනගේ මෙහෙවර හෝ දැක්ම කුමක්දැයි පැහැදිලි නෑ. වඩාත් කණගාටුදායක තත්වය නම්, මේ අඩවි පවත්වාගෙන යන්නන් ආචාර පද්ධතියක නොපිහිටා කටයුතු කිරීමයි. ඒ තුල සාවද්‍ය තොරතුරු ඇතුලත් වීම නිසා ගීයට වන සෙතක් නම් නැහැ. අවුල් ජාලයක් ගොඩනැගෙනවා පමණයි.

පින්තාලිය FB හා Blog අඩවි වලට අනුබද්ධ ගබඩාවන්හී, ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ආකාරයෙන් ගී 10,000 ක් පමණ තියෙනවා (දැනට). එසේ ගබඩාකර ඇති හැම ගීයකම, පද වැල හා ගීයේ කතෘත්වයට අදාල තොරතුරු ද ගීයටම අන්තර්ගතකොට තිබෙනවා (Lyrics & data related to the production are embedded to the mp3) පින්තාලිය අන් අඩවි වලින් සුවිශේෂී වන්නේ මෙන්න මේ කාරණය හා පලකිරීම් සියල්ල ආචාර පද්ධතියක පිහිටා සිදු කිරීම නිසාවෙනි.

මේ වෙහෙස මහන්සි වී එක්රැස් කළාවූ තොරතුරු එහි අගය දන්නා අය හා බෙදාහදාගන්න "පින්තාලිය" ලෑස්ති වෙනවා.
මූලිකම අවශ්‍යතාව ඔබට "google" ගිණුමක් තිබීමයි. එසේ ගිණුමක් ඇත්නම්, අපේ ගබඩා වලට ඇතුල්වීම පිණිස අවසරයක් ඉල්ලා සිටින්න. ඔබ සුදුස්සකු බව "පින්තාලිය" ට ඒත්තු යයි නම් ගබඩාව පරිහරණයට (කොන්දේසි කිහිපයකට යටත්ව) ඔබට අවසර ලැබෙනු ඇත.

මෙහි පළමු අදියර ලෙස, වික්ටර් රත්නායකයන්ගේ ගී ගොන්නෙන් පහත ලැයිස්තුවේ අඩංගු ගීත ඔබට ලබා දෙන්නයි මේ සූදානම. "පින්තාලිය" ගී පවස නිවාගන්නට දනන් වෙත ඇරුණකි. එන්න රිසිසේ පැන් බොන්න.
සබැඳිය pinthaliyasongdata@gmail.com

mail1   Mu6@anywhere  mail2

1. අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
2. අරුන්දතී තාරකාව සේ
3. බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
4. චංචල අඳූරු ලොවේ
5. දාගැබ් මහා වැව් බැන්දේ
6. දෛවයෝගයකින් නොවේදෝ
7. දෙතොළග සිනහා
8. දෙව්රම් වෙහෙරේ
9. දිනෙක හිරු බැස යන වෙලාවක
10. දොම්නසින් බර නිම්වලල්ලේ
11. දුම් දුඹි හඬ නැගුනා
12. එක කුඩයක් යට ගෑවි නොගෑවී
13. එපා හිරු පායන්න
14. ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා
15. ඇයට පමණි මම ආදරේ
16. අහිමි වුනත් නුඹ ලඳේ
17. ගහ කොළ මල් කදු වැටි
18. සත් සමුදුරු තරණය කොට
19. ගැහැණු ළමයිනේ
20. ගිගිරි ගීත රාවේ
21. ගොළු මුහුදේ මුතු ඇටේ
22. හදේ සුසුමක් පතිත වීමෙන්
23. හත්වළල්ල කන්ද කපා
24. හිනැහෙන්න රෝමියෝ මමයි
25. හිත ගාව දඟ කළා
26. හිත මිතුරු සුළඟ ළඟ
27. හෝපලු වනපෙත
28. හුරතලේට කවි කියමින්
29. ජන්ම භූමි වන්දනා
30. කාසි වලට ගන්නත් බෑ
31. කියන්න මගෙ සුදු පුංචි කුමාරය
32. කොහේ සිට ඔබ පැමිණියේදෝ
33. කුරුල්ලන්ට ගී හදන්න
34. මා ලඳ වත තාරපතී
35. මගෙ හද ඔබ ළඟ
36. මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
37. මල් පිපුනට ලොව මල් කුමටදෝ
38. මල් පොකුරු පොකුරු
39. මල් වයසේ මධු සිහිනේ
40. මාලිනියේ
41. මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
42. මංගල මල්දම
43. මේ මුළු අහසම මට මදි
44. මීන නුවන් යුගින් බලන්
45. මියුරු කල්පනා
46. මෝහෙන් මුලා වෙලා
47. මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
48. මුවා වුනා සඳත් සිනා සලා
49. නීල බිඟු කැල
50. නැගෙන වැටෙන වැටී නැගෙන
51. නුඹේ නමින් මා දුක්වී
52. ඔබ නැතුව ඉන්න බැරි තරමට
53. ඔබේ දෙතොල් පෙති ලිහී
54. යසෝදරා වේවා
55. උපද්දමින් මියුරු කල්පනා
56. උදා ළා හිරු එන පැයේ
57. තුරු ළපලු ලතාවෝ
58. තොටුපොල අයිනේ
59. තරු අත් අකුරින්
60. තනි වෙන්නට මගේ ලොවේ
61. තනි තරුවේ
62. සොඳුරිය ඔබගේ වුවන මලක් නම්
63. විකසිත තරු රෑනේ
64. සිරිමා බෝ මැඩ
65. සිනා දොළක් වන් සිනාමලී
66. සිහින සතක් දුටුවෙමි මම
67. මම තරහා නෑ
68. පොඩි කුමාරිහාමියේ
69. රූකඩ මඩු යාග පොළේ
70. රුං රුං රුං රුං මී මැස්සෝ
71. හිතේ පිපෙන මල්
72. ඉරක් පායනා දේශය
73. ඉරට සඳට තරු වැලට සොරා
74. ඉතිං ඊට පස්සේ
75. කලා වැවේ දිය ගැඹරේ
76. කඳුළු පැන් කෙණ්ඩියක්
77. ලබලා තිදසා පුරයේ සැපතා
78. මගේ ගෙටත් උඩ
79. මල් ලියකම් රැඳී
80. මනෝ මන්දීරේ
81. මිහිරෙන් මා දිනු බාල ළඳුන්
82. නිවන් දුටු හිමි
83. නැවුම් සුවඳින්
84. මොහොතකට මුළු ලොවම අමතකව ගියාවේ
85. නිය පෙළ සිඳලයි
86. පාත ඉඳන් අපි ආවේ
87. පායන සඳ ගැන මොනව හිතන්නද
88. පෙම් රස වෑහෙන මංගල ගීතේ
89. පෙම්බර මධු
90. ප්‍රේම පරාදීසේ
91. රෑ බෝ වී එන හැන්දෑ යාමේ
92. සමාස තද්ධිත
93. සමිඳු පාමුල
94. සමුගන්නට අවසරයි
95. සඳ හිරු තරු මැද
96. සඳ හිරු තරු පවතින තුරු
97. සඳකැන් වැසිලා
98. සඳට අහස ආදරේදෝ
99. සඳත් ඉරත් නැති
100. සඟවා ගනු මැන ඔබැ රුව
101. සරා සොඳූරු මල් පැටලී
102. සිහිල් සුළං රැල්ලේ
103. සිහිනෙන් ඇවිදින මගේ දෙපා මුල
104. අමා දහර දිය ගලා
105. පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
106. ආදරයේ උල්පත වූ අම්මා
107. සිරිපා බෝ වැලි මළුවේ
108. අපි ඔක්කොම රජවරු
109. සත් සමුදුරු තරණය කොට
110. දෙදරු ලඳුනි
111. අඳුර බිඳින්නට
112. අඩවන් දෑසින්
113. පිනිබර මලක් වගේ
114. ඔබයි මා වරාංගනා
115. සිල් ගත් දිනිඳුන්
116. සිප එන සමනල මුදුනින්
117. සීගිරි ළඳකගෙ
118. කණ කැස්‌බෑ නෙත
119. කුරුල්ලන්ට ගී ගයන්න
120. අපි ඈතට ඈතට පා නගලා
121. දෛවයෝගයකින් නොවේදෝ
122. හිත ගාව දඟ කළා
123. බනින්නෙපා පොඩි දෝණිට
124. ලිඳෙන් වතුර බීලා
125. වේවැල කැඩුනා පුංචි පුතේ
126. කඳුළු අකුරු පෙළ
127. ජීවත් වනදා දැකගන්නටවත්
128. මල් ගිනිගෙන පූජාසනයේ
129. ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
130. වෘන්දා වනයේ
131. පුංචි හාමූ පුංචි හාමූ
132. ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
133. කොතැනද අද ඔබ ඉන්නේ
134. ඇගේ නමට හිමිකම් පවරා
135. පුලා සුවඳ මලවුල් කැරැ
136. අකල්හී පියාපත්
137. බින්දුමතී
138. සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට
139. ඈගේ පහසින් මත් වූ
140. කතරට කුමටද වසන්තයක්
141. ආශා නිරාශා මැවූ
142. යළි නො එනා ගමනක් දෝ
143. අඹ ගස් යට මල් හැලිලා
144. වක්කඩ ළඟ බැද්ද ඉමේ
145. විකසිත තරු රෑනේ
146. කදුළු මල් පිපුන දා
147. ඇත් රජුනි
148. ඔබ වගේ කෙනෙක්
149. කඩුපුල් තලා
150. සූරිය දෙනුවන් පුබුදින අළුයම
151. නුරා රොන් බරින් පියවුන
152. දුක කියන්නට කෙනෙක් නැති දා
153. පාවෙලා හෙමින් ඇවිත්
154. සැදැහැ සිතින්
155. අපි සව්දිය පුරමු
156. ඉරට සඳට තරුවැලට සොරා
157. හිතේ පිපෙන මල්
158. පාවෙලා හෙමින් ඇවිත්
159. සූකිරි කන්දක් මුදුනේ
160. අපි කොයි කවුරුත්
161. සීතල පිණි බිංදු බිංදු
162. අරුණ නැඟෙන වෙලේ
163. නංඟියේ මල්ලියේ
164. ඔබ යන ගමනේ මාවත අවුරා
165. සඳුන් සිහින සිහිල් අඳුන

14
Jan
13

ග්‍රැන්විල් රොද්‍රිගෝ

1999 ජනවාරි 10 වැනිදා සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ජනවාරි 15 වනදා මෙලොවින් සමුගත් ග්‍රැන්විල් රොද්‍රිගෝ නම් කලාකරුවා ගේ 13 වැනි ගුණ සමරුව නිමිති කරගෙන, මේ සටහන තබන්නෙමි.

Granville 3 Granville 4

මෝදර, ද ලා සාල් විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය යන පාසල් වලින් අධ්‍යාපනය හැදෑරූ ග්‍රැන්විල්, සංගීතය කෙරෙහි යොමුවන්නේ පාසල් වියේදීමයි. මෙකල නිරතුරුව ඔහු අත රැඳුනේ බොක්ස් ගිටාරයයි. "කවදා හෝ සංගීතඥයෙකු වන්නෙමි" යන සිතුවිල්ල මේ කාලයේදී තම සිත්හී මෝදු වෙමින් තිබූ බව පසු කලෙක ග්‍රැන්විල් මාධ්‍යයට පවසා ඇත.
මුතුවැල්ල ශාන්ත ජෝන් දේවස්ථානය ඔහුගේ සංගීත ජීවිතයට පන්නරයක්  ලැබුණු ස්ථානයකි. ඔහු දේවස්ථානයේ ගායන වෘන්දයේ නිත්‍ය සාමාජිකයෙක්ව සිටියදී බොහෝ පැසසුම් ලැබුවේය.

නාට්‍ය ක්ෂේත්‍රයට එකතුවන්නට ලැබීම හා එහිදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, හා ධම්ම ජාගොඩ යන ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගෙන් ගුරුහරුකම් ලබා ගන්නට වරම් ලැබීම තුල, ඔහු තුල සැඟවී ගත් නිසග කුසලතාවන් ඔප මට්ටම් කර ගැනීමට ඔහුට හැකිවිය. "මනමේ", "සිංහබාහු", "මහාසාර", "සුභ සහ යස", "ඒකාධිපති" හා "සක්යා", වේදිකාවේ ඔහු ප්‍රතිභාව පෙන්වූ නාට්‍යවේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ "වීර පුරන්අප්පු" හා පරාක්‍රම නිරිඇල්ල ගේ "සිරිමැදුර", සිනමාව තුල ඔහු ප්‍රතිභාව පෑ චිත්‍රපට වේ. වීර පුරන්අප්පු චිත්‍රපටයේ "ජය අපටයි ලංකාවේ" ගීතයට ඔහු ගායනයෙන් ද සහාය විය.

සංගීත දිවයෙහි කේමදාසයන්ගේ ඇසුරේ කලා කෘතින් වල දායකවීමට ලැබීම ද, ඔහු ලද භාග්‍යයකි. කේමදාසයන් ද රජ වැඩ කෘතියට ග්‍රැන්විල් සහභාගි කරවා ගන්නේ, ඔහුගේ සංගීත කුසලතාව හා රංගනයේ හැකියාවන් ද  මනාව හඳුනාගෙනයි.

සිනමාව තුල නළු කමට අමතරව, ඔහු කලා අධ්‍යක්ෂණයෙන් ද දස්කම් පෑවෙකි. ඔහු ධර්මසිරි වික්‍රමරත්න ගේ "හිමකතර" චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණ වෙනුවෙන්  ජනාධිපති සම්මානයත්, ධර්මසිරි බණ්ඩාරනායකගේ "සුද්දිලාගේ කතාව" වෙනුවෙන් හොඳම කලා අධ්‍යක්ෂණට සරසවි සම්මානයත් දිනා ඇත.

ගායනයෙහි අතිශය දස්කම් පෙන්වූ ඔහු "ඔටා දමඤ්ඤා" නම් ගීත 16 ක් ඇතුලත් කැසට් පටයක් ද එළි දැක්වීය.

Granville 2 Granville 5
කේ. ඒ. ඩබ්. පෙරේරාගේ "පාසල් ගුරුවරී" චිත්‍රපටයට ඔහු රංගනයෙන් ද, කලා අධ්‍යක්ෂණයෙන් ද දායක විය. සුරන්ජිත් ද සිල්වා‍ගේ "මනෝකාය" ටෙලි නාට්‍යයේ භූමිකාව අභිරුචියකින් රංගනයේ යෙදුන අවස්තාවක් බව ඔහු විසින් පවසා ඇත. දේශපාලනය කෙරෙහි කලාකරුවන් යොමුවීම ඔහු නොරිස්සූ දෙයකි.
පෙම් සබඳතාවකින් පසු ශාමලී හා විවාහ වූ ග්‍රැන්විල්, පුතුන් තිදෙනෙකුගේ ආදරණීය පියාණන් විය.

Granville Family

Continue reading ‘ග්‍රැන්විල් රොද්‍රිගෝ’