Archive for the 'Headlines' Category

30
Nov
11

ගී පවසට පැන් පොදක් ….෴

291916_106652856110642_100002977856041_51228_49565511_s siya_new_logo_eng tamil_logo2

ගීයක තොරතුරු සොයන්න අන්තර්ජාලයේ සැරිසැරූ මගේ මනස බෙහෙවින්ම කැළඹිල්ලට පත්වුනා.

සිංහල ගීය යන ලේබලය සහිතව අතෝරක් නැතිව හමුවන වෙබ් අවකාශ බොහොමයක් පවත්වාගෙන යන්නේ කුමන අරමුණක් ඇතිව දැයි හිතාගන්නට බැහැ. මේ බොහොමයක ප්‍රමිතියක් හෝ විනයක් දකින්න නැහැ. සාවද්‍ය තොරතුරු අපමණයි. තමන් ඉදිරිපත් කරන තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කරගෙන නැති බව මනාව පිළිබිඹු වෙනවා. සාවද්‍ය තොරතුරු හා අරමුනක් නොමැති ගමන් මග තුල ක්‍රියාකාරකම් නිසා සිංහල ගීය ට යහපතක් වෙන්නේ නම් නැහැ. තොරතුරු සොයා අන්තර්ජාලයට පිවිසුණු පාඨකයා ඔහුටත් නොදැනිම ගොහොරුවක එරෙනවා. මේ කාරණය ගැඹුරින් අධ්‍යනය කලයුත්තක්. ඒ නිසා එකී කාරණය පසෙක ලා මේ අඩවිය ආරම්භ කිරීමේ අරමුණ පැහැදිලි කරන්නම්.

1 සිංහල ගීයක නිවැරදි තොරතුරු පාඨකයාට ලබා දීම

2 සිංහල ගීයේ බිහිවීමේ සිට මෙතෙක් ආ ගමන් මග පිළිබඳ කථිකාවක් මගින් නිවැරදි

  තොරතුරු තහවුරු කොට ස්ථාපිත කර ගැනීම

3 සිංහල ගී (සිංහලෙන් ගැයුනු ගී) සංරක්ෂණය කොට සුරක්ෂිත කිරීමේ කිසියම් විධිමත් වැඩ

  පිළිවෙලකට වගකිවයුත්තන් පෙළඹවීම හා ඒ සඳහා පාඨක සහය ලබා ගැනීම

Continue reading ‘ගී පවසට පැන් පොදක් ….෴’