Archive for the 'ළමා ගී' Category

21
Feb
13

ළමා ගී

("පින්තාලිය" මුහුණු පොතේ හා බ්ලොග් අඩවියේ විටින් විට ඉදිරිපත් කළ ළමා ගී වල එකතුවක් ලෙස…. පිවිසෙන්න http://www.facebook.com/pinthalya

බා ගැනීමට

https://dl.dropbox.com/u/48062010/FB%26Blog/Lama%20Gee%201.pdf

අකුරට යනවයි කියලා

s-14

මානවසිංහයන්ගේ නිර්මාණවල බස් වහර කෙතරම් ප්‍රකාශන ශක්තියෙන් පිරී පැවැත්තේ දැයි කියතොත් ඇතැම් දෙබසක චරිතවල හැඟුම් සමුදාය වචන දෙක තුනකින් ම රසිකයාට පසක් කරන සුලු විය. කෝමල රේඛාවේ ඇතුළත් ‘ගුරු ගෙදර අතරමඟ’ එවැන්නකි. එහි එන චරිත දෙක නෑනා මස්සිනාලා ය. ඔවුහු ළමා වියේ සිටිති. ගීයෙන් නිම වී ඇති ඔවුන් අතර වන දෙබස් ඇරඹෙන්නේ මෙසේ ය.

"අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි අල්ලල දෙන්නම්” යි නෑනා කියන විට

"කුරුල්ලන්ට පඳුරුවලට
ඔමරි කරනවා විතරයි
සිලිඳු ඉතින් දර කැඩුවද
මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට අල්ලල දෙන්නම්” යි මස්සිනා කියයි.

කටවහර ගීයට යොදා ගැමි පෙම පළ කළ කාව්‍ය නිර්මාණවලට මීට වඩා හොඳ නිදසුන් තිබේද?


අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි අල්ලල දෙන්නම්

පඳුරු අස්සෙ කුරුල්ලන්ට ඔමරි කරනවා විතරයි
සිලිඳු ඉතින් දර කැඩුවද මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට අල්ලල දෙන්නම්

ඉදුනු කරඹ ගොඩාරයක් මගේ ඔඩොක්කුවෙ තියෙනව
ටිකිරි අයියටත් දෝතක් පුරවල දෙන්නම්
පුරවල දී තව මදි නම් හිඹටුත් දෙන්නම්

සිළිඳුට සීපද කියන්න කුරුල්ලන්ට මල තියන්න
ලොකු වුනාම මේ බැද්දෙම හේන් කොටන්නම්
හේන් කොටල අපි දෙන්නට පැලක් හදන්නම්

මාළු ඇඹුල්තියල් කරලා පොල් සම්බල් රසට හදල
ඇල් හාලේ බතුත් එක්ක අනල කවන්නම්
කවන ගමන් මමත් කවන තරමක් කන්නම්

හැන්දෑවට කහ සුදු රතු හෙන්දිරික්ක මල් පිපුනම
ගේ ළඟ ගල්පොත්තක් උඩ වාඩි කරන්නම්
වාඩි කරල ළඟින් ඉඳන් මලක් සිඹින්නම්

ගමේ ළමිස්සියන් එක්ක වෙලට ගොහින් පන් උගුලල
රටා පුරල මෝවිට තියා පැදුරු වියන්නම්
පැදුරු වියල ඒකෙ ඉඳන් පංචි දමන්නම්

කළුවර ඇති වැහි දවසක මහ රෑ ඔබ ළඟින් ඉඳන්
පල් හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම්
කතා කියල බය ඇරෙන්න විහිළු කරන්නම්

ගායනය: එස් කරුණාදාස පෙරේරා සමග කමලානි පෙරේරා
පද රචනය: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව: අඥාතයි

තවත් සින්දු අහන්න. ගී ගැන දැනුවත් වෙන්න. පිවිසෙන්න http://www.facebook.com/pinthalya

මානවසිංහයන්ගේ නිර්මාන අලලා රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙශ්ඨ කතිකාචාර්ය ජයන්ත අමරසිංහ මහතා විසින් 2008 වසරේ ජූනි මස 29 වැනිදා සිළුමිණ පුවත් පතේ පුන්කලස අතිරේකයට හොඳ ලිපියක් ලියා තියෙනවා
එය කියවන්න.
http://www.silumina.lk/punkalasa/20080629/_art.asp?fn=ar08062912

Continue reading ‘ළමා ගී’

Advertisements