Archive for the 'විවිධ' Category

05
Nov
13

ගීයක තොරතුරු

කිහිප දෙනෙක් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු

1. ගීතයට ම තොරතුරු ඇතුළත් කර ඇත යන්නේ තේරුම පැහැදිලි කරන්න.

ඔබ දන්නවා mp3 ආකාරයෙන් සිංහල ගීත ලබා ගත හැකි (බාගන්නට හැකි) අඩවි විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියෙනවා. එහෙම ලබා ගන්නා ගීයක බලන්න මොනවද තියෙන්නෙ කියලා.
ගීයක් නිර්මානයේදී දායක වන ප්‍රධානම ශිල්පීන් ගැනවත් තොරතුරක් තියෙනවද?
ගීයේ පදමාලාව ඔබට ලැබෙනවාද?
මේ වාගේ තොරතුරු ඇතුළත් කරලා තමයි පින්තාලිය අඩවි වල (මුහුණු පොත හා බ්ලොග් අඩවයේ) ඇති ගී හැමෙකක්ම පළකරලා තියෙන්නෙ. ඔබ ගීයක් බාගත්තොත් ඔබට මේ හැම දේම ලැබෙනවා.

2. කොහොම ද ඒ විස්තර බලාගන්නේ ?

ඒකට ක්‍රම ගොඩක් තියෙනවා. වඩාත් බහුලව යෙදෙන අන්දම විස්තර කරන්නම්.
අපි බොහෝ දෙනෙක් ගී අහන්න පාවිච්චි කරන්නෙ Windows Media Player එක.
ඔබ ඔබේ Player එකේ මේ සීරුමාරු කිරීම් කරන්න. Menu එකේ Play යටතේ Lyrics,captions, and Subtitles යන්න on if available ලෙස සීරුමාරු කරන්න.
දැන් ඔබට ගීය වාදනයේදී පදමාලාව දෘෂ්‍යමාන වෙනවා.
ගී ධාවනයේදී ඔබ සිටින්නේ Now Playing කවුළුව යටතේ නම් right click කර Visualization වල Album Art යන්න තෝරාගන්න. එවිට ගීයට අන්තර්ගතකොට ඇති රූපමය විස්තරයක් දෘෂ්‍යමාන වේවි.

මේ ආකාරයට ඔබේ වෙනත් Player එකක් වුව සකසා ගත හැකියි. සැකසීමේ පිළිවෙතේ යම් යම් වෙනස්කම් තියේවි. ඇතැම් Player සමග Lyrics බලාගැනීම සඳහා වෙනත් Application එකක් භාවිතා කරන්න වෙනවා. (Minilyrics වැනි)

ඔබේ පරිගණකයේ default Media Player එක ලෙස ඇත්තේ Windows Media Player එක නම් mp3 file එක මත right click කර properties වලට ගියාම හමුවන කවුළුවේ ගීයට අදාල තොරතුරු ගැබ්වී ඇති අයුරු දැකගන්න පුළුවන්. එහි Lyrics යටතේ වන අන්තර්ගතය කොපි කර notepad එකේ paste කරගත්තම ගීයේ පද මාලාව text ආකාරයෙන් දිස්වනවා.

හැබැයි මේ දේවල් ඒ ආකාරයෙන් වෙන්නේ ඔබේ පරිගණකයේ Sinhala Unicode ස්ථාපනය කර ඇත්නම් පමණයි. එහෙම තියෙනවනෙ? නැත්නම් කොහොමද මේක කියවන්නෙ?

Mediaplayernowplaying

Lyricson

3. එතකොට ගීයේ නිර්මාණ කරුවන් පිළිබඳ දත්ත ?

එම තොරතුරු ඔබ ගී අහන්න යොදාගන්නා පරිසරය මත දෘෂ්‍යමාන වීම හෝ නොවීම සිදුවනවා. ඇතැම් Player වලට එසේ දිස්වීමේ සීරුමරු කරන්න වෙනවා. default සැකසුමේ ම එවැනි සීරුමාරු කර තිබෙන්නත් පුළුවන්. ඔබ පාව්ච්චි කරණ ජංගම දුරකථන නව මාදිලියේ එකක් නම් බොහෝවිට මේ පහසුකම් අත්විඳින්න පුළුවන්.
දැන් ඔබට google player එක ඔබේ Android දුරකථනයේ ස්ථාපනය කර ගත හැකි නිසා එමගින් කෙහේ සිට හෝ පින්තාලිය අඩවියේ එසැණින් අහන්න ගී මේ පහසුකම් වලින් යුතුව අහන්න ලුළුවන්.

ඔබේ Windows Media Player එකේ ගීයක් ධාවනය වන අතරේ Library tab එක click කරන්න. දැන් දෘෂ්‍යමාන වන කවුළුවේ ගීයේ නම (Title) යටතේ right click කිරීමෙන් Adcanced tag Editor තෝරන්න. එක එකක් tab යටතේ දත්ත අන්තර්ගත කර ඇති ආකාරය දැකගන්න.

Fileproperties_Summary

Librarytab

MPtageditor

minilyrics

23
Oct
13

එසැණින් ගී අහන්න

ලෝකෙ කොතැනක හෝ සිට එසැණින් ඔබ කැමති ගීයක් අහන්න. ගීයේ පද රචනය හා කතෘත්වය පිළිබඳ තොරතුරු ද සමගින් ගීය බාගැනීමට ද හැකි මේ අඩවියේ, පහසුකම් අත්විඳීමට ඔබ කළ යුත්තේ pinthaliyasongdata@gmail.com වෙත ඉල්ලීමක් කරමින් ලියාපදිංචි වීම පමණයි. කොහෙන් හෝ ගීයක් බාගෙන අහනවාට වැඩි යමක් මෙහි ඇති බව ඔබට පසක් වේවි. ගී පදමාලාව හා නිර්මාන දායකත්වය යන තොරතුරු ගීයටම අන්තර්ගත කර ඇති ගී එකතුවක් පවත්වාගෙන යන එකම අඩවිය “පින්තාලිය’ පමණි.

පහත ගායක ගායිකාවන්ගේ ගී, දැන් ඔබට අහන්න/බාගන්න පුළුවන්. (දැනට උත්පතනය කොට ඇති ගී සංඛ්‍යාව)

ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව  (100)
ආචාර්ය වික්ටර් රත්නායක (185)
විශාරද සුනිල් එදිරිසිංහ   (100)
විශාරද බණ්ඩාර අතාවුද (13)
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි (32)
ප්‍රියා සූරියසේන  (42)
අබේවර්ධන බාලසූරිය (27)
නිරංජලා සරෝජිනී (22)
කරුණාරත්න දිවුල්ගනේ   (63)
ග්‍රේෂන් ආනන්ද  (10)
අමරසිරි පීරිස්  (100)
සේනානායක වේරලියද්ද (21)
ප්‍රදීපා ධර්මදාස  (35)
ඉන්ද්‍රානි පෙරේරා (15)
නිරෝෂා විරාජිනී (51)

මිල්ටන් මල්ලවාරච්චි (50)

ආචාර්ය දයාරත්න රණතුංග (17) (දැනට එකතුවෙමින් පවතී)

AMARADEWA (1) Sanath Victor Rathnayake බණ්ඩාර අතාවුද Sunil

Niranjala Abey Priya Suriyasena  Diwul Dayarathna

Pradeepa Weraliyadda3 Amarasiri 5 Nirosha Virajini Greshan

12
Sep
13

සීටී ගේ මුල් ගායනා

67 – 68 කාලෙ ගුවන් විදුලියෙ ඉංග්‍රීසි සේවයෙ තිබුණා “Lucky Seven Show” කියලා වැඩ සටහනක්. 

සී. ටී. ප්‍රනාන්දු මහතා "ලකී සෙවන් ෂෝ" ගුවන් විදුලි වැඩසටහනට ගී ගැයුවා. ("ලකී සෙවන්" නමින් එකල දුම්වැටියක් නිෂ්පාදනය වුනා. මේ ආයතන වෙළඳ ප්‍රචාරක වැඩසටහන් වලට ප්‍රසිද්ධ අයව යොදා ගැනීම, ඒ අය එම වැඩ සටහන් වලට සහභාගි වීම, ආදියේ ගුණ දොස් විචාරන්න එවකට පුංචි අපට වැටහීමක් තිබ්බෙ නෑ.) ‍‍

"ලකී සෙවන් ෂෝ" වැඩසටහනට, සී. ටී. මුල් කාලයේ සිට ගැයූ ගී අතර වේග රිද්මයට වඩා නැඹුරු ගීත ද, නව ගීතද තිබුණා. සී. ටී. ප්‍රනාන්දු ගේ මුල්ම ජනප්‍රිය ගීය "පින් සිදුවෙන්නේ – අනේ බාල ළමුන්නේ". එය 1946 දී නිෂ්පාදනය වූවක්. නවසිය පණස් දෙකේදි සී. ටී. HMV ලේබලයට ගී ගයන්න භාග්‍යය උදාකර ගන්නවා. "පින් සිදුවෙන්නේ", "බර බාගේ", "ලෝ අඩ නින්දේ", "සුවඳ රෝස මල් නෙළා", "අම්බිලි මාමේ", "කොයිද අනේ හිමිදිරියේ දුවන්නේ", "අඹ රුක් සෙවණැල්ලේ", "බිළිඳා නැළවේ උකුළේ", "කිමද සුමිහිරියේ" යන ගීත ඒ කාලයේ ජනප්‍රියම ගී. එදා විතරද? අදටත් සංචාරයක යෙදෙද්දි, ඔබ තුටින් ගයන්නෙ මේ ගී නොවේද? එදා පුංචි අපට අර්ථ රසය කාන්දු වුනේ නැතිවුනාට, අනිත් හැම රසයකින්ම මේ ගී අපව වෙලාගත්තා කියලයි මට හිතෙන්නෙ.

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කූඩු තනාලා

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

කොළේ කොළේ දමා කුඩා නිවස වසන්නේ
මගේ දයා බිරි නිතර එය සරසන්නී
වනේ ගසේ පුලුන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට හිංසා
කමා වෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
සමා යදිම් දෙන්න පුතේ මෙතන රඳන්ටා

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

පද රචනය – ආර්. එන්. එච්. පෙරේරා
තනුව – බී. එස්. පෙරේරා

තණ්ඩලේ … දෙන්නා දෙපොලේ … දක්කනවා …. කටුකැලේ ….

බර බාගේ බර බාගේ //
දුටුවේ සිහිවේ පෙර කාලේ

අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා …//

රෑ මැද කාලේ සීපද තාලේ //
අඩනින්දේ පතුරන්නේ
රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ
සතුටිනි ගැල පදවන්නේ
බර බාගේ බර බාගේ

ගෝනි පුරා බඩු බාගෙ දමාලා //
රෑ කල ඈත බලාලා

ගාලෙ ලිහා ගොනුගේ කුසයේ ගිණි
නිවමිනි උදය කලා …//

බර බාගේ බර බාගේ //
දුටුවේ සිහිවේ පෙර කාලේ
අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා

පද රචනය –
තනුව – බී. එස්. පෙරේරා

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යති දිය රැල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ
සෝබන මේ නදියේ
සඳරැස් වැතිරෙන්නේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ

ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ

කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ

තනුව – සී. ටී. ප්‍රනාන්දු
පද රචනය – සුසිල් සේනාධීර

සුවඳ රෝස මල් නෙළා
මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා
සිරස සදාලා  …//

ඈත සීනියා
පිච්ච ඩේලියා
බලා නෙළා ගනිමි මෙමා
උයනෙ සරාලා

මාල ගොතාලා
ගීත ගයාලා …//

තබා පතුල් රඟන රඟා
බලමු සියල්ලා

මිහිරි ගීත ගයා ගයා
පේළි සැදීලා
සිනා පපා වටේ යතා
නටති සිනා ලා
බාලවූ ළමා
සදති මල්දමා
දෙපා පදින් පදට තබා
කිකිණි සලාලා

දෑත නගාලා
නේත්‍ර විදාලා …//

නමා කමල් පැදෙති සුරල්
රඟ පරදාලා

සුවඳ රෝස මල් නෙලා
මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා
සිරස සදාලා

පද රචනය –
තනුව – බී. එස්. පෙරේරා

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ

වටින් පිටින් ඇදෙන්නේ
මුහුණ ඔබේ පිසින්නේ
සේද යොදා සැදූ වළා සළුද කියන්නේ

පාත බලන්නේ මුව විහිදන්නේ //
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ  …//

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ

සිසිල් සුළං හමන්නේ
සුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කැලෑ දසත බලා පැනලා දුවන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ

සියල් සතුන් නිදන්නේ
සුරන් මෙලෝ වඩින්නේ
ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ

සිරස සදන්නේ රැස් පළඳන්නේ
සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදන්නේ …//

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ

කොයිද අනේ හිමිදිරියේ දුවන්නේ //
ගිලීමලේ තරුව මෙයානේ
රැඳේ සිනා තොලේ
අගේ මටයි ඔබේ රිදී සිනාවේ

ප්‍රියේ ලතාවේ ප්‍රියේ ලතාවේ //

කියන්නකෝ අනේ මටත් පමාවේ
කොහෙන්ද මේ රූපෙ ඔබේ ගෙනාවේ …//

කතා නැතේ සිනාවේ
ලතා මගේ ගියානේ …//
හොඳයි ඔහේ යන්න ගියාවේ //
ගිලීමලේ තරුව එයානේ //

ප්‍රියේ ලතාවේ ප්‍රියේ ලතාවේ //

කියන්නකෝ අනේ මටත් පමාවේ
කොහෙන්ද මේ රූපෙ ඔබේ ගෙනාවේ …//

කතා නැතේ සිනාවේ
ලතා මගේ ගියානේ …//
හොඳයි ඔහේ යන්න ගියාවේ //
ගිලීමලේ තරුව එයානේ //



අඹ රුක් සෙවණැල්ලේ
මේ රන් ඔන්චිල්ලේ
පෙම් ගී ගයමින්
පදිනට එන්නේ
මා සුර සියුමැලියේ

උඩරට තාලෙට
ඔසරිය ඇදලා
මුතු දෙපටක් බැඳලා
කණ් අග රන් තෝඩු ද ලෙලවාලා
සරසවි කුමරි වගේ
සුරතල් සොඳුරී
මා අග රැජිණී
ඇය මගෙ සුදු සුකුමාලී

අඹ රුක් සෙවණැල්ලේ
මේ රන් ඔන්චිල්ලේ
පෙම් ගී ගයමින්
පදිනට එන්නේ
මා සුර සියුමැලියේ

දුරුතු මහේ මඳ
සුළඟේ සැලෙනා
අර ලා දඹ අත්තේ
ගිරවිය හා ගිරවා එක තුරුළේ
ඔන්චිලි පදින ලෙසේ
ගෙල වට අත ලා
පෙම් ගී ගයලා
යමු පදිනට ඔන්චිල්ලා

අඹ රුක් සෙවණැල්ලේ
මේ රන් ඔන්චිල්ලේ
පෙම් ගී ගයමින්
පදිනට එන්නේ
මා සුර සියුමැලියේ

වතුසුදු අරළිය
මාලා පළඳා
ඔබ සරසමි මැණිකේ
නළලේ කොපුලේ දෙතොලේ මී බී
මම මත්වෙමි මැණිකේ
තුරු වදුලට වී
උකුළේ නැළවී
අපි ගයමු අමර පෙම් ගී

අඹ රුක් සෙවණැල්ලේ
මේ රන් ඔන්චිල්ලේ
පෙම් ගී ගයමින්
පදිනට එන්නේ
මා සුර සියුමැලියේ

පද රචනය – ආනන්ද ජයසේන


මේ ලෝකයේ …. සෑමා රසේ …
මූණේ ඔබේ … බිළිදු  පුතේ මගේ …

බිළිඳා නැළවේ උකුළේ
හිනැහේ මල සේ කැකුළේ
මවගේ සෙනෙහේ පැතිරේ
රුහිරේ කිරිවේ ඉතිරේ

දෝත නඟා මොළවා
සුර ළාලනියෝ එනවා
ගීත අසා මවගේ
නොදොඩා නොහඬා හිනැහේ
පාද ගසා නටනා
බිළිඳා මතු වේ මිනිසා
ලෝ දහමේ නගිනා බසිනා
දුක සැප අතරේ වසනා

සෑම දෙනා කැඳවා
හුදු ආදරයේ රඳවා
මූණ බලා සැමගේ
නොදොඩා නොහඬා හිනැහේ
ජීවිතයේ සිහිනේ
සැනසීම තිබේ මුහුණේ
රෑ නිදියා දෙදෙනා බඳිනා
නිවසේ පහණයි බිළිදා

බිළිඳා නැළවේ උකුළේ
හිනැහේ මල සේ කැකුළේ
මවගේ සෙනෙහේ පැතිරේ
රුහිරේ කිරිවේ ඉතිරේ

පද රචනය – ඇලන්සන් පියදාස


කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ
නැගෙන කැළුමේ
රහස නැත දන්නේ … //

සෙවණැල්ල වගේ
ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපියා
කිසිවක් නොකියා
ඇයි යන්නෙ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ
ප්‍රිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර
හිනාව පින්බර
මගේ හිතට සුව දේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ
නැගෙන කැළුමේ
රහස නැත දන්නේ

කෙහෙරැල්ල වැටී
නළලට සිරසේ
සිරි වැසේ බොළඳ මුහුණේ
වන මල් පිපිලා බර වී නැමිලා
ළං වෙන්න එයි මැණිකේ
දුටුවහාම හදවත ඔබේ
දුටුවහාම හදවත ඔබේ
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් ඉඳ
අගේ කරන්නද
කියන්න සුරතලියේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ
නැගෙන කැළුමේ
රහස නැත දන්නේ

ගායනය – සී. ටී. ප්‍රනාන්දු
සංගීතය – සී. ටී. ප්‍රනාන්දු
පද රචනය – කරුණාරත්න අබේසේකර

ct1 CT3 ct2

12
Sep
13

වික්ටර් ගේ මුල් ගායනා

වික්ටර් කියන විදියට ඔහුගේ ජීවිතයේ බොහෝ දේ දෛවෝපගතව සිදුවූ සිදුවීම්. රජයේ සංගීත විද්‍යාලයට (හේවුඩ් එකට) ඔහු යැවූ ඉල්ලුම්පතට කැඳවීමක් ලබන වික්ටර්, 1963 වසරේ නවක සිසුවකු ලෙස එහි පිවිසීමට වරම් ලබනවා.

වික්ටර් කොළඹ ගෙවන ජීවිතයට වියපැහැදම් කරන්නෙ වික්ටර් ගෙ ලොකු අයියා. ඒත් වැඩි කලක් ගත නොවීම, විවිධ සංගීත අධ්‍යක්ෂකවරුන් යටතේ වයලීන වාදකයකු ලෙස කටයුතු කරන්නට හැකිවීම නිසා වික්ටර්ට පුළුවන් වෙනවා, අයියා මසක් පාසා වියදමට එවූ රුපියල් 50/- ක මුදල තමන්ට තවදුරටත් අවශ්‍ය නොවන බව දන්වා යවමින්, පවුල් බරට කර ගසා සිටි ලොකු අයියා ව යම් තරමකට හෝ නිදහස් කරන්න. වයලීන වාදක ශිල්පියෙක් ලෙස බොහෝ ප්‍රසංග වල නිරත වීමෙන් මුදල් හදල් අතමිට ගැවසෙන්න ගත්තට, වික්ටර්ගෙ ආසාව තිබුනෙ ගායකයෙක් වෙන්න. දිනෙන් දින බොඳවී යමින් තිබුන ඒ සිහිනය තවදුරටත් සිහිනයක් නොවන්නෙ, වික්ටර් පැවසූ ලෙසම දෛවෝපගතව.

ගුවන් විදුලියේ සරල ගී ගායන පරීක්ෂණයක් සඳහා ඉල්ලුම් කරණ වික්ටර් පළමු පරීක්ෂණයෙන්ම සමර්ථ වෙන්නෙ "ඒ" ශ්‍රේණියේ සරල ගී ගායකයකු ලෙස. එවකට වික්ටර් නැවතී ඉන්නෙ තමා සමගම සංගීත විද්‍යාලයේ ශිල්ප හැදෑරූ තම මිතුරු සේන වීරසේකර ගේ රාජගිරියේ ඔබේසේකරපුර නිවසේයි. පළමු සරල ගී වැඩසටහනට ගී සකසා ගන්නට වික්ටර්ට උදවු කරන්නෙත් සේන වීරසේකරමයි. ඔහු වික්ටර්ව එක්කරගෙන යනවා ශාන්ත තෝමස් විද්‍යාලයේ තමාට සිංහල විෂය ඉගැන්වූ ගුරු පියාණන්වූ, අරිසෙන් අහුබුදු ශූරීන් වෙත. එහිදී අහුබුදු ශූරින් ඔහුට ලියා දෙනවා ගී දෙකක්. ඉන් "ගොළු මුහුදේ මුතු ඇටේ" ඔබ හොඳින් දන්නා ගීයක්. අනික "සිඳැ බිඳැ මොහඳුරු පාප" නම් ගීය. මුල්ම සරල ගී වැඩසටහනට "ඈත පෙනෙනා හිම වු කඳු මත" නම් වූ තෙවැනි ගීය රචනා කළේ රජයේ සංගීත විද්‍යාලයේ වික්ටර් සමග එකට ශිල්ප හැදෑරූ පුණ්‍යසිරි මහවත්තයි.

ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ …//

රකිමු වවමු පණ වගේ හේළී ලංකා
රකිමු වවමු පණ පුදා හේළී ලංකා …//
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරු
ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරු …//
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ
රකිමු වවමු පණ වගේ හේළී ලංකා
රකිමු වවමු පණ පුදා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

රවුලු ගැමුණු පඬු අබා කසුපු විජයබා
ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා …//
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ …//

රකිමු වවමු පණ වගේ හේළී ලංකා
රකිමු වවමු පණ පුදා හේළී ලංකා …//
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

පද රචනය: අරිසෙන් අහුබුදු
තනුව: වික්ටර් රත්නායක


ගුවන් විදුලියේ වෙළඳ සේවයේ ලද පළමු සරල ගී වැඩසටහනට වික්ටර් ගැයූ ගී, රසිකයින් අතර ඉමහත් ජනප්‍රියතාවට පත් වෙනවා. ඒ මෙන්න මේ ගීත.

ඔබේ සෙවණැල්ල වාගේ එමී
සංසාරේ පුරුදු සේ
ආකාසේ පූර්ණ සඳසේ
ළං ළංවී සදා ඉන්නෙමී

හසරැල්ලේ රැඳී ඉන්නෙමී
සංසාරේ පුරුදු සේ
ඔබෙ දෑසේ කරමි වාසේ
විපතේදී පවා ඉන්නෙමී

සමන් වැල් සිසාරා
සුවඳ ඒ ගලා
සමන් වැල් සිසාරා
සුවඳ ඒ ගලා

සුපුන් චන්ද්‍රයා උදාවේ
රන් වලා පලා …//

සිතින් දල්වමු සිනාසී
………………………………………

ඔබේ සෙවණැල්ල වාගේ එමී
සංසාරේ පුරුදු සේ
ආකාසේ පූර්ණ සඳසේ
ළං ළංවී සදා ඉන්නෙමී

රුවන් දොර ඇරේවා
විජය මන්දිරේ
රුවන් දොර ඇරේවා
විජය මන්දිරේ

වාසනාවෙ මල් පිපේවා
සෙනෙහෙ ගං තෙරේ …//

ස්වර්ණ හඳ නැගේවා
අපේ ආද‍රේ

ඔබේ සෙවණැල්ල වාගේ එමී
සංසාරේ පුරුදු සේ
ආකාසේ පූර්ණ සඳසේ
ළං ළංවී සදා ඉන්නෙමී

හසරැල්ලේ රැඳී ඉන්නෙමී
සංසාරේ පුරුදු සේ
ඔබෙ දෑසේ කරමි වාසේ
විපතේදී පවා ඉන්නෙමී

ගායනය: වික්ටර් රත්නායක සමග සුජාතා අත්තනායක
පද රචනය: හේම ශ්‍රී ද අල්විස්
තනුව: වික්ටර් රත්නායක

පහත ශ්‍රවණය කිරීමට ඉදිරිපත් කර ඇත්තේ පසු කලෙක නිරංජලා සමගින් ගැයූ ගීයයි


මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පා මුල මම වැඳ වැටෙමී
මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා

මුහුණු සයකි අත් දොළසින් සොබනා
සවන යොමනු කඳ සුරිඳේ …//
මිනිසා මිනිසට ගරහන්නේ
මවුපියො නෑ ඔහු හඳුනන්නේ

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පා මුල මම වැඳ වැටෙමී
මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා

ශක්තිය බලපා යුක්තිය පාගා
පුහු මානය හද රන්දා …//
වස්තුව නිල බලතල හින්දා
මිනිසා මිනිසට දෙයි නින්දා

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පා මුල මම වැඳ වැටෙමී
මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා

ගායනය වික්ටර් රත්නායක
පද රචනය: මීගොඩ විල්සන්
තනුව: මර්වින් පෙරේරා


සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා …//

වීණාවේ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා
රන්කේලි බඳිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා…//

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ…//
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා…//

ගායනය වික්ටර් රත්නායක
පද රචනය: මීගොඩ විල්සන්
තනුව: මර්වින් පෙරේරා


පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා …//

කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිනේ

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා

හාදව පෙම් බැන්ද රුවින් පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එළි නැඟේ
පහන් පෙම දිනේ

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා …//

ගායනය වික්ටර් රත්නායක
පද රචනය: මීගොඩ විල්සන්
තනුව: මර්වින් පෙරේරා


වික්ටර් මුල්වරට ගුවන් විදුලියට ගීයක් ගයන්නෙ ආධුනික ගීත තරඟයකට. ඔහුගේම තනුවකට පබැඳුනු "යන්නට සිදුවේ මරණය ආදා – මරුවා හට නෑ කිසිවිට බාධා" ඒ ගීයයි. මේ ගීයේ රචකයා වික්ටර්ගෙ ගමේ ම (කඩුගන්නාවෙ) මිතුරෙකු වූ උදයරත්න බ‍්‍රාහ්මණනායක.

පියසේන කොස්තා ශිල්පියාගේ "මණිචෝර" නම් ගුවන් විදුලි ගීත නාටකයට වික්ටර් ගැයූ "දෙවඟන පරදන කොමළ ලියා" ඔහුගේ මුල්ම පටි ගත කළ ගීයයි. ආර්. ඒ. චන්ද්‍රසේනයන් මේ නාටකයේ සංගීතවේදියා වුනා.

මඩවල එස්. රත්නායකයන් ගුවන් විදුලියට නිෂ්පාදනය කළ "පංච මධුර" වැඩසටහනට ගැයූ, "හදේ සුසුමක් පතිත වීමෙන් බකිණි මල් පෙති පර නොවේවා" වික්ටර් ගේ තැටි ගතවූ මුල්ම ගීයයි. ඩෝල්ටන් අල්විස් රචනා කළ මේ ගීතයට තනු නිර්මාණය කළේ සංගීතඥ ඩී. ආර්. පීරිස්.

මේ කියැවුනු ගී වල මුල් කෘති අද සොයාගන්නට නැහැ. මුල්ම තැටි ගත ගීතය වූ, "හදේ සුසුමක් පතිත වීමෙන් බකිණි මල් පෙති පර නොවේවා" යන ගීය වික්ටර් පසු කලෙක අවස්ථා කිහිපයකදීම ගයද්දි ගබඩා ගතවී තියෙනවා.

හදේ සුසුමක් පතිත වීමෙන්
බකිණි මල් පෙති පර නොවේවා
ඔබේ සුවඳැති හිනා පියුමෙන්
මගේ හදවත සුවඳ වේවා
ලොවේ කෙදිනද
ආදරේ මඟ
දෙපස කරදර හමුනොවන්නේ

ගමේ පිපි මල
ගමේ තනිවී
මා නිසා නොවැ දුක් විඳින්නේ ….//
සුවඳ නැති මල් ඉරිසියාවෙන් //
ඔබේ රුව දැක උමතු වන්නේ
ඇගේ මුවගින්
දොලේ ගීතය
හේන අසලින් මට ඇසෙන්නේ

නීල අහසේ
සේද පටුනේ
සැඳෑ කාලේ නැළැවි නැළවී ….//
ඈත පාවෙන වලාකුළ සේ //
වරළ පිට මැද උනාලන්නේ
එහි සුගන්දය ගීතයක් වී
මගේ තනියට අසල ඉන්නේ ///

පද රචනය: ඩෝල්ටන් අල්විස්
තණුව: ඩී. ආර්. පීරිස්.

Victor2  victor3

06
Sep
13

සරසවි ප්‍රේමය

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ//

මොර සූරන මහ වැස්සේ තනි කුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙනියේ

කොමල පපා මුකුලු සිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවනේ

කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපලු හෙවනේ සරතැස නිමුනේ

අපේ මියුරු සිහින පිරුනු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරවියනේ
මාල බැඳුනු ගෙල කුමරිගේ හඳපානේ

හීනෙන් දැකුමට විතරයි උරුම උනේ
හන්තානේ කුමරියේ නාඩන් ලසඳේ

ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : සිරිසමන් විජේතුංග
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග

Pera1 

පහුවුන අඟහරුවාදා (2013.09.03) ජාතික රූපවාහිනියෙන් විකාශයවූ “මා” වැඩසටනට, දයාරත්න රණතුංගයන් ගැයූ මේ ගීය ඇහුවම, මට හිතුනා ඔබවත් අතීතයට කැන්දාගෙන යන්න. කෙනෙක් ජීවිතයෙදි මේ පරිසරය ඇසුරු නොකොට තිබුනත්, මේ ගී වලින් සිතේ අඳින සිත්තම අතීත සුවඳින් සිත තවනු ඇති බවයි මට හිතෙන්නෙ. (වීඩියෝව බලන්න, http://facebook.com/pinthalya වෙතට එන්න)

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..//

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..//

සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..//

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි ..//

ගායනය : මර්වින් පෙරේරා
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්‌
තනුව : මර්වින් පෙරේරා

Pera6 Pera2

හන්තාන අඩවියේ…..
මැදුරු කුළුනු සුදු සඳලු තලා පිස
මේ එන්නෙ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නෙ ප්‍රේමයේ සුවඳ නොවේ

කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ..

පීඩනයෙන් පැණසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩිසැර කා
මළ සොයුරන් සිහිකරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ..

ගායනය : නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා

Hanthana Pera16

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැදී කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

තුන් මහළින් සැදී සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුනු සතුටු රළ
මිරිගු සයුර විනි අතීතයේ.//

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැදී කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත් තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ //

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැදී කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

ගායනය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

Hanthana3 Pera18

සරා සොඳූරු මල් පැටලී
ලිහී නොයන ජීවිතයයි
නුරා දියර ඟගුල් හැලී
සිහිල සදන ජීවිතයයි

කැකුළු හිනා මුතු එළියේ
අඳූරු ලෙනේ දොර මතුවේ
සැලේ මහද සැලේ සැලේ

වනේ මලක හද විමනේ
බඹරු වඩින ජීවිතයයි
පිපාසිත වු මරු කතරේ
පොකුරු වසින ජීවිතයයි
ගලා හැළෙන සිලි සිලියේ
අමා කඳක සුව ගෙන ඒ
නිවේ මහද නිවේ නිවේ

කුණාටු මැද බොල් අහසේ
එබී බලන සඳ පළුවයි
පුරා හඳට ඉඩ සලසන
අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ සැලේ

අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ සැලේ…//

ගායනය : වික්ටර් රත්නායක සමග නන්දා මාලිනී
පද රචනය : මහගම සේකර සමග සුගතපාල සෙනරත් යාපා
තනුව : ප්‍රේමසිරි කේමදාස

(හන්තානේ කතාව චිත්‍රපටියෙන්)

Hanthane Kathawa Hanthane-Kathawa Hanthane-Kathawa2

හන්තාන දෙසින් එන
මුදු සීත සුළං ‍රැලි
ඔබ තාම හොදින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේශම් කර ගන්නම් …..//
සංසාර පුරුද්දටදෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැළපෙනවා..//
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා

හන්තාන දෙසින් එන
මුදු සීත සුළං ‍රැලි
ඔබ තාම හොදින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේශම් කර ගන්නම්

තනි වී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා..//
මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතෙනා

හන්තාන දෙසින් එන
මුදු සීත සුළං ‍රැලි
ඔබ තාම හොදින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේශම් කර ගන්නම්

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
තනුව : ගුණදාස කපුගේ

Pera7 Pera14 university of peradeniya (70)

හන්තාන කඳු පෙළ හඳට ආවඩා
සරසවියට පිණි පොදක් වැටෙනවා
මගෙ හද මැදුරට අඳුර ගලනවා
බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා

කෝ ඈ..කොහෙද මගෙ රන් කිරිල්ලී
ඇයිදො ගියෙ ඉගිල්ලී
මා මෙහි හැරදා
ඈතයි…ඔබ ගියෙ දුර ඈතයි
නිවහන මගෙ සීතයි
එන්න යළි පියඹා

මා මෙන් තනි උන බට්ටිත්තෝ
ගොම්මන් අඳුරට බිය වීදෝ
විරහ ගීය මගෙ ගයනවදෝ
මා සනසන්නට හඬනවදෝ

පියඹා යන්නට මට නම් බෑ
ඈ සරසවියට එන්නෙත් නෑ
ගඟ ලඟ පෙම් මග පාළු වෙලා
මල් පෙති බොර දියෙ මලින වෙලා

කෝ ඈ..කොහෙද මගෙ රන් කිරිල්ලී
ඇයිදො ගියේ ඉගිල්ලී
මා මෙහි හැරදා
ඈතයි…ඔබ ගියෙ දුර ඈතයි
නිවහන මගෙ සීතයි
එන්න යළි පියඹා

ගායනය : භද්‍රජී මහින්ද ජයතිලක
පද රචනය : භද්‍රජී මහින්ද ජයතිලක
තනුව : භද්‍රජී මහින්ද ජයතිලක

Hanthana2 Pera5

ඉස්සර දවසක
ලස්සන සවසක
අත්වැල් බැඳගෙන අපි දෙදෙනා
මහවැලි අයිනේ නන්දන උයනේ
මතකද හෙමිහිට පිය නැගුවා
පිය නැගුවා

හන්තානේ කඳු පිසගෙන සුසිනිඳු
සීතල මදනල හමා ගියා
සවන් මත් කර සිත සන්සුන් කල
සුන්දර ගී හඬ ගලා ගියා
ගලා ගියා

ඉස්සර දවසක
ලස්සන සවසක
අත්වැල් බැඳගෙන අපි දෙදෙනා
මහවැලි අයිනේ නන්දන උයනේ
මතකද හෙමිහිට පිය නැගුවා
පිය නැගුවා

නා දළු පහසක
මල් පෙති රහසක
රසබර සමයයි ගෙවී ගියේ
කොළොම් පුරවරේ ගිනිදැල් අතරේ
තවමත් ඒ සුව මතක තියේ
මතක තියේ

ඉස්සර දවසක
ලස්සන සවසක
අත්වැල් බැඳගෙන අපි දෙදෙනා
මහවැලි අයිනේ නන්දන උයනේ
මතකද හෙමිහිට පිය නැගුවා
පිය නැගුවා

ගායනය : ධම්මිකා දේවසුරේන්ද්‍ර
පද රචනය : රසිකා සූරිආරච්චි
තනුව : සංජීව පරණමාන

Pera8 university of peradeniya (6) university of peradeniya (22) university of peradeniya (10)

සිවු වසරක් තුල පෙම් සිහිවටනය
නෙතු කඳුලක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමු වේවා

සීතල පව්වේ කඳු රැලි යායේ
සරසවි පායේ තුරු සෙවනැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා

සිවු වසරක් තුල පෙම් සිහිවටනය
නෙතු කඳුලක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමු වේවා…//

හිමගිරි සෙවණේ දිය සීරාවේ
නාමල් යහනේ තරු මේලාවේ
නිහඬව වැලැපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා

සිවු වසරක් තුල පෙම් සිහිවටනය
නෙතු කඳුලක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමු වේවා…//

ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග

Pera4 Pera21

සරසවි උයනේ
මේ තුරු සෙවනේ
අපේ සොඳුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ
නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

සීතල සිරිපොද වැස්සේ
පෙර දිනයක මේ අඩි පාරේ..//
අප තනි වූ මැයි තුරු සෙවනේ
මත ඔබගෙනි උණුසුම රැදුනේ

සරසවි උයනේ
මේ තුරු සෙවනේ
අපේ සොඳුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ
නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

පාළුව ඉහිරෙන අඳුරේ
මා තනිකර දා මෙහි සෙවනේ…//
මතකය පමණකි ලඟ රැදුනේ
ඔබඅද කොතැනද පිය නැඟුවේ

සරසවි උයනේ
මේ තුරු සෙවනේ
අපේ සොඳුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ
නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : එච්. එම්. ජයවර්ධන

https://dl.dropboxusercontent.com/u/48062010/FB%26Blog/Sarasavi%20Uyane.mp3%20%20style=font-family:Malithi%20%20style=font-family:Malithi%20Web;font-size:medium;

Pera24 Pera9 Pera19 Pera30

යළි සමරන්නට දෑස වසාගෙන
අතීතයක් මට මතක නැතී
ඔබ සමුගත් දින දෑත බදාගෙන
හැඬුවා පමණක් මතක තියේ

සරසවි උයනේ නිල් තුරු සෙවනේ
ඔබේ අහිංසක සිනා නොවේ
අනාගතය ගැන ප්‍රාර්ථනාවන්
හදේ කොනක ඉදි වුනා ප්‍රියේ
ශිල්ප සතර දැන ඔබ උගතෙකු වී
දෙපා නැගූ ලොව අහිමි වුනේ
සුසුමක් වී ඔබ හදේ රැ‍ඳෙන්නට
උගත්කමද අප දුරස් කළේ

දෙගුරුන් සනසා මා සිත හඬවා
යස ඉසුරින් පිරි ඇගේ ලොවේ
අද ඔබ ගෙවනා සුවබර දිවියට
සාප කරන්නට නොහැක ප්‍රියේ
මට හිමි නැති ඔබෙ සෙනෙහස අබියස
අනාගතය සිහිනයක් වගේ
අතීතයම වලදමන්න හැකි මුත්
ලෝකය නෑ මට සමා කලේ

යළි සමරන්නට දෑස වසාගෙන
අතීතයක් මට මතක නැතී
ඔබ සමුගත් දින දෑත බදාගෙන
හැඬුවා පමණක් මතක තියේ

ගායනය : නිර්මලා රණතුංග
පද රචනය : ඩිෂාන් නානායක්කාර
තනුව : සමන්ත පෙරේරා

https://dl.dropboxusercontent.com/u/48062010/FB%26Blog/Yali%20Samarannata.mp3%20%20style=font-family:Malithi%20%20style=font-family:Malithi%20Web;font-size:medium;

LL1 Pera23

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න…//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න…//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න…//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න…//

ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව : ඩෙනිස්ටර් පෙරේරා

https://dl.dropboxusercontent.com/u/48062010/FB%26Blog/Hanthanata%20Payana%20Sanda.mp3%20%20style=font-family:Malithi%20%20style=font-family:Malithi%20Web;font-size:medium;

university of peradeniya (10) Pera13

22
Jan
13

පුත්තලමේ කාපිරි ජනයා

ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ තුන් වැනි ලංකා රෙජිමේන්තුවේ වැඩි කොටසක් කාපිරි සොල්දාදුවන්ගෙන් සමන්විත වූ බවත්, එයින් වැඩි කොසක් සේවය කළේ පුත්තලමේ බවත්, පසු කාලයක රෙජිමේන්තුව අහෝසි කරද්දී මේ සොල්දාදුවන්ගෙන් වැඩි දෙනෙක් පුත්තලමේම නතර වූ බවත්, මහාචාර්ය සුනිල් ආරියරත්න, තම “බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක්” නම් කෘතියේ සඳහන් කරයි. අද පුත්තලමේ සිටින්නේ ඔවුන්ගෙන් පැවත එන කාපිරි ජනයා බව ද මහාචාර්යවරයා කියයි.

බෙහෙවින්ම විනෝදකාමී ජන කොට්ඨාශයක් වන කාපිරි ජනයා, නැටුම ගැයුම තම මුළු ජීවිතයටම තදින් බද්ධ කරගෙන සිටිති. ඔවුනගේ බස ශුද්ධ පෘතුගීසි නොවේ. පැරැන්නන් ඉන්දු පෘතුගීසි බස කතා කළ බැව් පැවසේ. එහෙත් අද සාමාන්‍ය ජීවිතයේ ඔවුන් භාවිතා කරන්නේ සිංහල හෝ දෙමළ ය.

උපුටා ගැනීම….

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක්” නම් කෘතියෙන්..

“පැරණි පෘතුගීසි බසින් රචනා වුවද, බොහෝවිට බෙම්ටෝ (6/8) තාල රූපයෙන්ම ගැයුණ ද, පුත්තලමේ කාපිරි ජනයා ගයන බොහෝ ගී, නාදමාලාව විසින් සාමාන්‍ය බයිලා කපිරිඤ්ඤා වලට වඩා වෙනස් බව පෙනේ. එමෙන්ම එම ජන කොටස එම ගී හඳුන්වා දෙන්නේ ද, බයිලා කපිරිඤ්ඤා යන නාමයෙන් නොවේ; “මාඤ්ජ” යන සුවිශේෂ නාමයෙනි.”

උපුටා ගැනීම නිමයි.

මෙම වීඩයෝවද නරඹන්න

 

පින්තාලිය Facebook හී පුත්තලමේ කාපිරි ජනයාගේ “මාඤ්ජ” නම් post එන ද කියවන්න

“මාඤ්ජ” කිහිපයක් අහන්න http://snack.to/a1u5yc1d

puttalam Kaffirs

16
Jan
13

මහගම සේකර

ජීවත්ව සිටි කෙටි කාලය තුල කලා ‍ක්ෂේත්‍රයේ ඔහු පෑ වික්මන් මෙතෙකැයි ගණන් හිලව් ඇතිව ඉදිරිපත් කිරීමට නොහැක. ඔහුගේ මුළු ජීවිතයම කැප වුනේ කලාවටය.

සේකරයන් පිළිබඳ යමක් සටහන් කරන්නට බොහෝ කියවූවෙමි. ඒ අතර කැත්ලීන් ජයවර්ධන “සිළුමිණ” ට ලියූ ලිපියක් හමුවිය. වෙනත් සටහනක් ඇවැසි නැත. එය මුළුමනින්ම කියවන්න.

Mahagama Sekara4 

උපුටා ගැනීම 2010 ජනවාරි 10 වන දින “සිළුමිණ” පුවත් පතින්;

විශ්වයේ සියලුම වස්තූන්ට ආවේණික වූ දේ නම් චලනය හා රිද්මයයි. ඒ වූ කලී ස්වභාව ධර්මයේ අචේතනික හා සචේතනික වස්තූන් සියල්ලෙහි පැවැත්ම කෙරෙහි රිද්මය බලපාන ආකාරය පිළිබඳ චිත්‍රණය යි. ගද්‍ය පද්‍ය නිර්මාණ කෙරෙහි මේ බලපෑම කවරාකාරයෙන් සිදුවන්නේ ද යන ප්‍රශ්නය දෙවනුව අප තුළ නැඟේ.

අර්ථ රසයේත් ශබ්ද රසයේත් සංකලනයෙන් අපූරු රූ රටා අප තුළ චිත්‍රණය කළ මහා කලාකරුවකුගේ රූපකාය අනතුරුව අප තුළ ඇඳී යයි. ඔහුගේ ‘සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ’ නම් වූ කෘතිය ද ඒ සමඟම සිහි වේ. ඒ වූ කලී මහා කලාවේදියකු ලෙස නිර්ලෝභීව හැඳින්විය හැකි නිර්ව්‍යාජ මනුෂ්‍යයෙකි. අදින් වසර 33කට පෙර අකාලයේ අපෙන් සමුගත් ඔහු මහගම සේකර නම් වෙයි.

’මහගම සේකර සහ රිද්මය’ යනු දෙකක් නොව එකක් ම ය යන සිතුවිල්ල අපේ උපවිඤ්ඤානගතව ඇත්තාක් මෙනි. එය සිදුවී ඇත්තේ ද අහම්බ ලෙස නො වේ. අතිශයින් අර්ථවත් වූත් රිද්මයානුකූල වූත් ඔහුගේ නිර්මාණ සමුච්චය පෙර නොවූ විරූ ඉසවු වෙත අප රැගෙන යමින් අපේ හදවත් සුසර කර ඇත්තේ ද රිද්මයානුකූලව ය.

මේ රිද්මය ඔස්සේ සියුම් වූ ජීවිතාවබෝධයක් ද අප සතුවී තිබේ. ඒ සෞන්දර්යය, සරල සුගම බව හා සුසංයෝග වූ දාර්ශනික ගැඹුරක් ද ඔහුගේ ඒ නිර්මාණ තුළ කැටිව පැවති හෙයිනි.

ලොවේ වරක් සිදු වූ දෙය, කිසියම් රිද්මයකට අනුව නැවත නැවත සිදුවන බව ඉවකළ හැකි සූක්ෂ්මාත්මතාවයෙන් යුතුªවූ කිසිවකුට මරණය බියක්, ශෝකයක් හෝ ගැටලුවක් වන්නේ නැත.

ජපන් මහා ලේඛක යසුනරි කවබතා 1968 වසරේදී තමා වෙත පිරිනැමුණු සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිළිගනිමින් ‘මරණය සොඳුරු බවට පත්කිරීමත් මිනිසා, සොබාදහම හා ශූ®න්‍යත්වය අතරේ සුසංයෝගීභාවයක් ඇති කිරීමත් තම නිර්මාණවල මුඛ්‍ය පරමාර්ථය වූ බව අවධාරණය කළේ ද ඒ නිසා ය. දාර්ශනිකයා වූ කලී විශ්වය කිසියම් දුරකට සාක්ෂාත් කරගත්තෙක් වන අතර කලාවේදියා විශ්වීය තත්ත්වයක් ගවේෂණය කරන, දාර්ශනිකයාගේ අතරමැදියකු ලෙස අපට හැඟීයන්නේ ද ඒ අනුව ය.

සේකරයන්ගේ කියමන්, වියමන් හා නිමැවුම් දෙස නිරීක්ෂණාත්මකව නෙත් හෙළන්නකුට ද මේ සත්‍යය හමුවෙයි. මරණය ආගන්තුකයකු සේ නොදුටු සේකර මියයාම පරාජයක් වශයෙන් ද නොතැකුවෙකි. සිය සංවේදනා පළකිරීම සඳහා ඔහු ලෝකයට විවර කළ කවුළු වැනි වූ නිර්මාණ සමුදාය අතරින් මරණයේ චමත්කාරය මෙසේ විදාරණය වේ.

එළිය යනු අඳුරම ය
සීතලම උණුහුම් ය
එබැවින්
ජීවිතය ම වේ මරණය

කේ.ජයතිලකයන් සමඟ සේකර එළිදක්වා ඇති ‘ව්‍යංග්‍යා’ කෘතියෙන් අපට හමුවන්නේ සිහිනයේ දී සේකර දුටු මරණය යි.

ඊයේ රෑ සිහිනෙන් මිය ගිය මම
භග්නාශා රෙදිකඩින් ඔතාගෙන
මළකඳ උසුලා සොහොනට ගෙන ගොස්
මගෙම අතින් මළ කුණ වැළලූයෙමි
(මිනීමල් – ව්‍යංග්‍යා)

මහගම සේකර නම් වූ මේ සංවේදී කලාකරුවාගේ, නිර්ව්‍යාජ මනුෂ්‍යයාගේ, පෞද්ගලික ජීවිත තතු දැනගැනීමට වඩා සහෘදයකු, රසිකයකු ස්පර්ශ කළ යුතු වන්නේ ඔහුගේ ආධ්‍යාත්මය ය යනු අපේ විශ්වාසය ය. ඔහුගේ ජීවන තතු ගෙනහැර දැක්වීම සඳහා ඔහුගේ කවියක්ම වුව සෑහෙන බවක් අපට හැඟීයන්නේ එහෙයිනි.

මා ගැන දන්නා
අය කොතෙකුත් වෙති
පත්තරවල මා
නම ගම පළවෙයි.
මහගම සේකර
එම්.ඒ.සිංහල
පදිංචි ගම්පහ
රදාවාන ගම
දැන් විදුහල්පති
ඔය ඔය විදියට…

රෝගීව එක්තැන්ව සිටි සේකර සිය අඹුදරුවන්ට ද රහසින් අභ්‍යාස පොතක කුරුටු ගෑ දීර්ඝ ආඛ්‍යාන වාක්‍ය නිර්මාණය වන ‘නොමියෙමි’ හි මුල් අත් පිටපතේ ලියැවුණකි ඒ. එහෙත් විය යුතු අයුරින්ම ඔහු අතින් මරණය ප්‍රතිනිර්මාණය වෙනු දැක්මට අසතුටු වූවෝ ද වූහ.

ඒ ඔහුගේ ප්‍රියාදර බිරිය කුසුමලතා මහගමසේකර හා ගීෂා පාඨලී, නිරූපමා සල්මාලි, රවීන්ද්‍ර යන දූ දරුවන් ය. මහෞෂධ පණ්ඩිතයන්ගේ සඳුන් හර මෙන් ‘කලාව‘ මිටින් ගෙන උපන් සේකරගේ කෙටි ජීවිත කාලය කැපවූයේ ද කලාව උදෙසාම බව මැනැවින් දන්නෝ ද ඔවුහු ම වෙති.

වරක ඔහු ගීතයකට පදවැල් ඇමිණුවේ ය. රසබර, අරුත් බර කවි ලීවේ ය. චිත්‍ර ඇන්දේ ය. රූප ඇඹුවේය. ඒ සමඟම නව දැනුම සොයා යාමේ පවසකින් ද පෙළුණේ ය. කවිය හා චිත්‍රය ඔහුගේ ජීවිතයට එක්ව තිබුණේ කුඩා කල සිට ය.

සිංහල පුහුණු ගුරුවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ සේකර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂකයකු වශයෙන් වැඩි දුර අධ්‍යයනයෙහි යෙදී බී.ඒ.(ගෞරව) උපාධිය ද ලබා ගත්තේ ය. ගුරු වෘත්තියේ යෙදෙමින්ම පශ්චාත් උපාධි අපේක්ෂකයකු වශයෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළු වී ශාස්ත්‍රපති (එම්.ඒ.) උපාධිය ද දිනුවේ ය.

පසුකලෙක ගුවන්විදුලියේ වැඩසටහන් සම්පාදකවරයකු වශයෙනුත් මීරිගම ගුරු විදුහලේ කථිකාචාර්යවරයකු වශයෙනුත් ජීවිතයේ අවසාන භාගයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධිපති ලෙසිනුත් රාජකාරියෙහි නියැළුණු සේකර 46 වැනි වියේ දී (1976 වසරේ දී) ජීවිතයෙන් සමුගත්තේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රයේ පුරවාලිය නො හැකි තරමේ රික්තයක් ද ශේෂ කරමිනි.

කලාවේදියා, සාහිත්‍යවේදියා යනු අනුකාරකයකු නො වේ.

ඔහු නිර්මාණ කාර්යයට අතගසන්නේ ප්‍රතිලාභ පිළිබඳ අල්ප වූ හෝ හැඟීමකින් තොරව ය. අප මෙතෙක් වින්දනය කර ඇති අපූරු කලා නිර්මාණ සියල්ල සැමවිටම බිහි වී ඇත්තේ නිර්මාණයට සමවැදුණු කලාකරුවන්, සාහිත්‍යකරුවන් අතිනි. කවර වූ හෝ කලා නිර්මාණයක්,

සාහිත්‍ය නිර්මාණයක් උත්තම හෝ අධම වන්නේ නිර්මාණකරුවාගේ අවංකභාවය මත යැයි රුසියානු මහාලේඛක ලියෝ ටෝල්ස්ටෝයි වරක් අවධාරණය කර ඇත්තේ ද මේ තත්ත්වය පිළිබඳව ය. සංවේදීභාවය හා නිර්ව්‍යාජත්වය කලාකරුවාගේ් නිසඟ ලක්ෂණ වෙයි. අතිශයින්ම සංවේදී, නිර්ව්‍යාජ මිනිසකු වූ සේකර සකලවිධ වූ නිර්මාණ කාර්යයන්හි යෙදුණේ ද නිර්මාණය සමඟ ඒකාත්මික වෙමිනි. ඊට සමවදිමිනි. ඔහුගේ කිසිදු නිර්මාණයක් ආවාට ගියාට කලබලයට එළිදුටුවේ නැත.

සේකරගේ නිර්මාණයන්හි පැවැත්ම පිළිබඳ රහස ඇත්තේ ද එතැනය. ඇතැම් ගීතයක් ලියද්දී ඔහු එහි පදවැල් මුමුණමින් – ගයමින් නිවෙසේ ඔබමොබ සක්මන් කළේ ය. මේ අනුව ඔහු ලියූ සෑම ගීතයකම මුල්ම ගායකයා වන්නට ඇත්තේ ද ඔහු ම ය. භාවපූර්ණ වූ එබඳු ගීතයක් ශ්‍රවණය කිරීමේ දී පවා වීණාවක තත් මෙන් ඔහුගේ හදවත ද සුසර වූවේ ය. උත්සව අවස්ථාවක ‘රත්නදීප ජන්මභූමි’ ගීතය වාදනය වෙද්දී ඔහුගේ දෑසින් කඳුළු කඩා හැළුණේ ද ඒ නිසා ය.

සිත්සතන් දැහැන්ගත කරවන සුලු වූ ‘මුනි සිරිපා පියුමේ – රොන්සුණු හද තැවරේ’ (‘රන්සළු’ චිත්‍රපටයේ) ගීතයේ පදවැල සඳහා ඔහු ආවේශය ලැබුවේ මහපොළොවේ සිට අඩි සිය දහසක් ඉහළට ඇදීයමින් සිටියදී ය. එදා ඒ මොහොතේ නිව්යෝර්ක් බලා යන ගුවන් මගියකුව සිටි ඔහු අතින් ඒ ළයාන්විත පදපෙළ ඇමිනුණේ අහස් යානය වලාකුළු අතරින් පියාඹා යද්දී දුටු දර්ශනයෙන් හටගත් සංවේදනයන්ගේ උත්තේජනයෙනි.

විශ්වය සමඟ ඒකාත්මික වූ සේකරගේ සිතුවිලි ශූන්‍යත්වය හා නික්ලේශී බව තුළ ඇසිල්ලකට හෝ දැහැන් ගත වන්නට ඇතැයි අපට සිතෙන්නේ ඒ ගීතය ශ්‍රවණය කිරීමේදී අප ලබන වින්දනයට අනුවය. ඒ ගීතය ඔහු සම්පූර්ණ කළේ පසුදිනක කඳුකර පෙදෙසක ගල්තලාවක් මත අමරදේවයන් ද සමඟ රැඳී සිටිමිනි.

උපතින්ම ගැමියකු වූ සේකර, ආහාර පානවල රස හඳුනාගෙන සිටියේ ද ගැමියකු ලෙස ය. ඔහු වැඩියෙන් ප්‍රිය කළේ ලුණු ඇඹුල් පදමට යෙදූ මිරිස් සැරයෙන් අනූන වූ ව්‍යංජන ය. ගැමියකු ලෙස ඉපි ද ගැමියකු ලෙස ජීවත් වූ ඔහු ‘වොලිබෝල්’ ක්‍රීඩාවෙහි ද ශූරයකු ව සිටියේ ය. අභ්‍යාස විදුහලේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා වූයේ ද ඔහුය.

1963 වසරේදී කුසුමලතා සුරවීර මෙනෙවිය සමඟ යුග දිවි ඇරැඹූ ඔහු මරණය දක්වා පුරා 13 වසරක් ජීවත් වූයේ ඇය සමඟ ය. ‘බිරිඳ’ නමින් පසුකලෙක ඔහු අතින් එළිදුටු කවියකින් එළිදක්වන්නේ ද මේ කෙටි කාලසීමාවේදී ඇය පිළිබඳව ඔහු තුළ මුහුකුරා ගිය හැඟීම් විය හැකි ය.

පාන්දරින් තේ
උගුරක් මට ගෙනෙනා බිරිඳ ඔබය
දුන් පුතුන් ආදරයෙන්
රැකබලනා බිරිඳ ඔබය
හීන් සීරුවේ
මා ගැන සෝදිසියෙන් සිටින ඔබය
මාත් එක්ක සංසාරේ
එකට හිටිය බිරිඳ ඔබය

ස්වකීය නිර්මාණයක් එළිදැක්වීම සඳහා සේකරයන්ට පූර්ණ නිශ්ශබ්දතාවයකින් යුතු වටපිටාවක් අවශ්‍ය වූවේ නැත. සද්ද බද්ද සමඟ සාහිත්‍ය නිර්මාණයක්, කලා නිර්මාණයක් කළ නොහැකි බවට සාක්ෂියක් සේකරගේ චරිතයෙන් කිසිදිනෙකත් ගම්‍ය නොවෙයි.

එවැනි මැසිවිලි නඟන්නේ, නටන්න බැරිකම පොළොවේ ඇදයෙන් වසා ගැනීමට තැත්කරන්නන් ද යන පැනය අප තුළ නැඟෙන්නේ හුදකලාව, නිශ්ශබ්දතාව නිර්මාණ කාර්යයට අත්‍යාවශ්‍ය සාධක වශයෙන් සේකර කිසිදිනෙකත් නො සිතූ® නිසා ය. නිවෙසේ ඔහු නිර්මාණ කාර්යයන්හි යෙදුණේ කාමරයක දොරගුළු වසාගෙන නො වේ. දරුවන්ගේ කෙළි සෙල්ලම් ඇතුළු විවිධ ශබ්ද අතරේ වුව තම නිර්මාණ ලෝකයට පිවිසීම ඔහුට දුෂ්කර වූවේ නැත.

෴  කැත්ලීන් ජයවර්ධන ෴

උපුටා ගැනීම නිමයි (2010 ජනවාරි 10 වන දින සිළුමිණ)

Mahagama Sekara1 Mahagama Sekara2 Mahagama Sekara3

සේකර උපන්නේ 1929 අප්‍රේල් මස 7 වැනිදා ගම්පහ දිස්ත්‍රික්යේ රදාවානේ දීය. උප්පැන්න සහතිකයේ ඔහුගේ නම යන්නට ඉදිරියෙන් ඇත්තේ ‘සේකර’ යනුවෙන් පමණකි. මහගම ගේ ජෝන් සිංඤෝ සේකර ගේ පියා විය. ඔහු සැරැසිලි චිත‍්‍ර සම්බන්ධයෙන් ගම් ප‍්‍රදේශයේ ඉතා ප‍්‍රකට පුද්ගලයෙක් විය. සේකර මහා කලාකරුවකු වන්නේ පියා ගෙන් ඔහු ලද ආභාෂය නිසාවෙනි. ඒ වගට සේකරගේ “ප්‍රබුස්ධ” කාව්‍ය සංග්‍රහයෙහි ඔහු පියා ගැන සඳහන් කරන පිළිගැන්වීම දෙස් දෙයි.

‘විසල් සුදු ඩිමයි කඩදාසි මත’
‘තබා මහ කවකටුව දිග රූල’
‘ඇඳ නෙක මෝස්තර මල් හා කොළ’
‘කපා කැටයම් ඉඳු බොකුටු නියනින්’
‘විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි’
‘කුඩා කල සිටම මට කියාදුන් තාත්තට’

BCABirthcertificateSekara2

උපන් දිනය: 1929 අප්‍රේල් මස 7
ස්ථානය: රදාවාන ගම්පහ දිස්ත්‍රික්කය (එවකට කොළඹ දිස්ත්‍රික්කය)
පියා: මහගම ගේ ජෝන් සිංඤෝ
මව: රණවක අච්චිගේ රොසලින්

(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්)

මහගම සේකර ලියූ ‘තුංමං හංදිය’ නවකතාවේ එන සිරිසේන ගේ චරිතය එක් අතකට මහගම සේකර ගේ ම චරිතයට බෙහෙවින් සමාන ය. සිරිසේන තම ජීවිතයේ තීරණාත්මක වූ තුං මං හංදිය වෙත පිවිසෙයි. එහි දී පාරවල් තුන තුන් අතකට විහි දී යයි.

එක් පාරක් ආපහු ගෙදර යන පාර ය. අනෙක් පාරෙන් ගියොත් ගම්පහ ලෝරන්ස් විදුහලට ගොස් ඉංග‍්‍රීසි ඉගෙන ගත හැකි ය. තුන් වැනි පාර දිගේ යන්නට ඇත්තේ කොළඹ මරදානේ කාර්මික විද්‍යාලයට ය. (තුංමංහංදිය සිවු වැනි මුද්‍රණය 1984 පිටුව 140 – 141) මේ ආකාරයට ම මහගමසේකරට තම ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් එළැඹිණි. ඔහු ද සිරිසේන මෙන් කොළඹට විත් මරදාන කාර්මික විද්‍යාලයයට බැඳී චිත‍්‍ර කලාව ඉගෙනීමට පටන් ගත්තේ ය. ඒ 1948 දී ය.

1948 පමණ වන විට මේ රටේ ‘43 කණ්ඩායම’ ඔස්සේ නූතනවාදී චිත‍්‍රකලා සම්ප‍්‍රදායයක් ගොඩනැඟී අවසන් බව අප සිහි කටයුතු ය. එකල කාර්මික විදුහලේ චිත‍්‍ර ශිල්පය ඉගෙනීමට සිදුවූයේ ඉංග‍්‍රීසි භාෂා මාධ්‍යයෙනි. එසේ ම එහි ඉගැන්වූ චිත‍්‍ර කලාව ද පර්යාලෝක නීති රීති ගුරු කොටගත් බටහිරයථාර්ථවාදී චිත‍්‍ර කලාව විය. කාර්මික විදුහලේ සමාජ සංස්කෘතික පසුබිමත් එකී චිත‍්‍ර කලා රීතියත් සේකරට ඒ තරම් ම ඇල්ලුවේ නැති බවක් පෙනෙන්ට තිබේ.

භූමි දර්ශන ඇඳීමත් ප‍්‍රභූන් ගේ ආලේඛ්‍ය චිත‍්‍ර ඇඳීමත් චිත‍්‍ර කලාව නොවන බව සේකර වටහා ගෙන තිබුණේ ය. එය ඉතා ව්‍යක්ත ව ප‍්‍රකාශ කර ඇති අවස්ථාවක් ‘සුපුබුදු කලා විදු මහගම සේකර’ නම් වූ පොත් පිංචේ එයි. “යුරෝපීය චිත‍්‍ර ශිල්පීන් අනුගමනයෙන් සුන්දර දේශ දර්ශන පිටපත් කිරීමක් හෝ මැති ඇමැති ආදී ප‍්‍රභූන් ගේ තෙල් සායම් හෝ දිය සායම් හෝ වර්ණ චිත‍්‍ර ඇඳීමක් හෝ සේකර කවදාකවත් ප‍්‍රිය නො කෙළේ ය.

ඓතිහාසික ස්ථාන චිත‍්‍රපට නැඟීමට උත්සුක නො වූ හේ සාම්ප‍්‍රදායික සංකේතයන් අවශ්‍ය පරිදි නවමු ශෛලියකින් ඉදිරිපත් කෙළේ ය. (1990 පිටුව 33)

ඊට මඳක් සමාන අදහසක් ආචාර්ය කේ. ජයතිලක විසින් ද කරනු ලැබ ඇත. “… ඔහු මරදාන ටෙක්නිකල් කොලිජියේ ඉතා ප‍්‍රකට චිත‍්‍රඥයන්ගෙන් චිත‍්‍ර කලාව හදාළ නමුත් ඔවුන් ගේ චිත‍්‍ර සම්ප‍්‍රදායයන්ට යට නො වූ තමා ගේ ම චිත‍්‍ර සම්ප‍්‍රදායක් ගොඩනඟා ගෙන තිබිණි.

(ඉහත ‘දිවයින’ පත‍්‍රයේ ලිපිය) එකරුණ තවදුරටත් ස්ථාපිත කිරීම සඳහා ‘සුපුබුදු කලා විදු මහගම සේකර’ නම් වූ පොත් පිංච ලියන ජයදාස කුමාරගේ ගේ මේ අදහස් ද උපුටා ගැනීම මැනවැ යි සිතමි. දේශීය හෝ ස්වාධීන චිත‍්‍ර කලාවක් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකට එදා කාර්මික විද්‍යාලයානුබද්ධව පැවැති චිත‍්‍ර ශිල්පීය අංශයෙන් සේකරට එතරම් පිහිටක් ලැබුණේ නැත.

ලන්ඩනයේ චෙල්සි චිත‍්‍ර ශිල්පායතනයෙන් උපාධි ලබා පැමිණ සිටි ආචාර්ය භවතුන් විසින් බටහිර චිත‍්‍ර කලාවම ශ්‍රේෂ්ඨ තන්හි ද සැලැකුණු එවැනි යුගයක සේකර ස්වාධීන සිත්තම් ආරක් අනුගමනය කිරීමට පටන්ගත්තේ ය. (25 පිටුව)

1949 දී චිත‍්‍ර කර්ම ගුරු විභාගයට පෙනී සිටි සේකර ඊළඟ වසරේ දී චිත‍්‍ර ගුරුවරයකු ලෙස නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලට ඇතුළු වූයේ ය.

Continue reading ‘මහගම සේකර’