Author Archive for Pinthaliya පින්තාලිය



19
Nov
13

මේ පැත්තෙත් ඇවිත් යන්න. ඒ පැත්තෙත් ගිහිං එන්න

පින්තාලිය Blog අඩවිය හා පින්තාලිය මුහුණු පොත ඒවායේ පරිසරයට යෝග්‍ය වන අයුරිනුයි පවත්වාගෙන යන්නෙ. ඒ නිසා මේ අඩවි දෙකේම සැරිසරන්න කියලා ඇරයුම් කරණවා.

FB https://www.facebook.com/pinthalya

PinthaliyaFB

15
Nov
13

CHOGM 2013 Inaugurated

Thank you very much distinguished guests …

come, explore and experience the wonders of this paradise nation…

එන්න සේද මාවත දිගේ, කෙම් බිමට දොර හැර තිබේ …

vlcsnap-2013-11-15-14h48m45s103 vlcsnap-2013-11-15-14h48m43s78

https://www.facebook.com/photo.php?v=465701753539082

05
Nov
13

ගීයක තොරතුරු

කිහිප දෙනෙක් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු

1. ගීතයට ම තොරතුරු ඇතුළත් කර ඇත යන්නේ තේරුම පැහැදිලි කරන්න.

ඔබ දන්නවා mp3 ආකාරයෙන් සිංහල ගීත ලබා ගත හැකි (බාගන්නට හැකි) අඩවි විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියෙනවා. එහෙම ලබා ගන්නා ගීයක බලන්න මොනවද තියෙන්නෙ කියලා.
ගීයක් නිර්මානයේදී දායක වන ප්‍රධානම ශිල්පීන් ගැනවත් තොරතුරක් තියෙනවද?
ගීයේ පදමාලාව ඔබට ලැබෙනවාද?
මේ වාගේ තොරතුරු ඇතුළත් කරලා තමයි පින්තාලිය අඩවි වල (මුහුණු පොත හා බ්ලොග් අඩවයේ) ඇති ගී හැමෙකක්ම පළකරලා තියෙන්නෙ. ඔබ ගීයක් බාගත්තොත් ඔබට මේ හැම දේම ලැබෙනවා.

2. කොහොම ද ඒ විස්තර බලාගන්නේ ?

ඒකට ක්‍රම ගොඩක් තියෙනවා. වඩාත් බහුලව යෙදෙන අන්දම විස්තර කරන්නම්.
අපි බොහෝ දෙනෙක් ගී අහන්න පාවිච්චි කරන්නෙ Windows Media Player එක.
ඔබ ඔබේ Player එකේ මේ සීරුමාරු කිරීම් කරන්න. Menu එකේ Play යටතේ Lyrics,captions, and Subtitles යන්න on if available ලෙස සීරුමාරු කරන්න.
දැන් ඔබට ගීය වාදනයේදී පදමාලාව දෘෂ්‍යමාන වෙනවා.
ගී ධාවනයේදී ඔබ සිටින්නේ Now Playing කවුළුව යටතේ නම් right click කර Visualization වල Album Art යන්න තෝරාගන්න. එවිට ගීයට අන්තර්ගතකොට ඇති රූපමය විස්තරයක් දෘෂ්‍යමාන වේවි.

මේ ආකාරයට ඔබේ වෙනත් Player එකක් වුව සකසා ගත හැකියි. සැකසීමේ පිළිවෙතේ යම් යම් වෙනස්කම් තියේවි. ඇතැම් Player සමග Lyrics බලාගැනීම සඳහා වෙනත් Application එකක් භාවිතා කරන්න වෙනවා. (Minilyrics වැනි)

ඔබේ පරිගණකයේ default Media Player එක ලෙස ඇත්තේ Windows Media Player එක නම් mp3 file එක මත right click කර properties වලට ගියාම හමුවන කවුළුවේ ගීයට අදාල තොරතුරු ගැබ්වී ඇති අයුරු දැකගන්න පුළුවන්. එහි Lyrics යටතේ වන අන්තර්ගතය කොපි කර notepad එකේ paste කරගත්තම ගීයේ පද මාලාව text ආකාරයෙන් දිස්වනවා.

හැබැයි මේ දේවල් ඒ ආකාරයෙන් වෙන්නේ ඔබේ පරිගණකයේ Sinhala Unicode ස්ථාපනය කර ඇත්නම් පමණයි. එහෙම තියෙනවනෙ? නැත්නම් කොහොමද මේක කියවන්නෙ?

Mediaplayernowplaying

Lyricson

3. එතකොට ගීයේ නිර්මාණ කරුවන් පිළිබඳ දත්ත ?

එම තොරතුරු ඔබ ගී අහන්න යොදාගන්නා පරිසරය මත දෘෂ්‍යමාන වීම හෝ නොවීම සිදුවනවා. ඇතැම් Player වලට එසේ දිස්වීමේ සීරුමරු කරන්න වෙනවා. default සැකසුමේ ම එවැනි සීරුමාරු කර තිබෙන්නත් පුළුවන්. ඔබ පාව්ච්චි කරණ ජංගම දුරකථන නව මාදිලියේ එකක් නම් බොහෝවිට මේ පහසුකම් අත්විඳින්න පුළුවන්.
දැන් ඔබට google player එක ඔබේ Android දුරකථනයේ ස්ථාපනය කර ගත හැකි නිසා එමගින් කෙහේ සිට හෝ පින්තාලිය අඩවියේ එසැණින් අහන්න ගී මේ පහසුකම් වලින් යුතුව අහන්න ලුළුවන්.

ඔබේ Windows Media Player එකේ ගීයක් ධාවනය වන අතරේ Library tab එක click කරන්න. දැන් දෘෂ්‍යමාන වන කවුළුවේ ගීයේ නම (Title) යටතේ right click කිරීමෙන් Adcanced tag Editor තෝරන්න. එක එකක් tab යටතේ දත්ත අන්තර්ගත කර ඇති ආකාරය දැකගන්න.

Fileproperties_Summary

Librarytab

MPtageditor

minilyrics

03
Nov
13

ගී අහන්න මිනිස්සුන්ට පන් පැදුරක් එළා දෙන්න

සඳුන් හරය දී කුණු මොර කන මිනිසුනි මීරියා …
නඩු නැති රටකට මොනවට පායනවද සූරියා

Pradeepa Samantha Lushan Kemadasa

ලූෂන් බුලත්සිංහල රචනා කළ,
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ස්වර රචනය කොට සංගීතවත් කළ,
සමන්ත පෙරේරා සමගින් ප්‍රදීපා ධර්මදාස ගයන මේ ගීයත්,
තවත් ගී රාශියකුත්,
ලෝකෙ කොතැනක හිඳ හෝ එසැණින් අහන්න…
එන්න pinthaliyasongdata@gmail.com වෙත. මේ පහසුකම් අත්විඳින්න
අවසරයක් ඉල්ලා ගන්න. වෙනස ඔබට වැටහේවි.

ඇසට කඳුළු උනයි (ඇසට කඳුළු උනයි)
සැරින් සැරේ (සැරින් සැරේ)
ඝණ සැරේ (ඝණ සැරේ)
මුතු ඇටේ වෙලා ඉන්දියානු සාගරේ (මුතු ඇටේ වෙලා ඉන්දියානු සාගරේ)
එදා බුදුන් වැඩියෙ අපි නිසාලු තුන් සැරේ (බුදුන් වැඩියෙ අපි නිසාලු තුන්

සැරේ)
එහෙව් රටේ අපි තාමත් කළුවරේ (එහෙව් රටේ අපි තාමත් කළුවරේ)

අපි ඉහිලුවේ අපට නැතත් දරුවන්ටයි (ඉහිලුවේ)
හිතාගෙනයි ඉහිලුවේ හත් දෙවියනේ (හිතාගෙනයි ඉහිලුවේ හත්

දෙවියනේ – දෙවියනේ)
මේ තරම්ම ඇඬිලි දෙඩිලි
ඒ හින්දයි දෙවියනේ (ඒ හින්දයි දෙවියනේ)
බැලූ කලට ගොයම් කන්නෙ (බැලූ කලට ගොයම් කන්නෙ)
අනේ වැටයි නියරයි (අනේ වැටයි නියරයි)
මේ අමාරුකම් පවසන්නට පින් ඇත්තන් විරලයි (පින් ඇත්තන් විරලයි)

ඇසට කඳුළු උනයි (ඇසට කඳුළු උනයි)

මේ හුඟ දෙනා (හුඟ දෙනා )
අපි කන හැටි ලිපා දනී
නොකියා කී
හුඟ දෙනා  දෙනා දැන් නොකියනා (නොකියා කී හුඟ දෙනා  දෙනා දැන්

නොකියනා)
රෑ වැටුණු වල දවල් වැටුණු කල
වැටී කටින් නොකියනා (වැටී කටින් නොකියනා)
සඳුන් හරය දී කුණු මොර කන මිනිසුනි මීරියා (සඳුන් හරය දී කුණු මොර

කන මිනිසුනි මීරියා)
නඩු නැති රටකට මොනවට (නඩු නැති රටකට මොනවට )
පායනවද සූරියා (පායනවද සූරියා)

ඇසට කඳුළු උනයි (ඇසට කඳුළු උනයි)
සැරින් සැරේ (සැරින් සැරේ)
ඝණ සැරේ (ඝණ සැරේ)
මුතු ඇටේ වෙලා ඉන්දියානු සාගරේ (මුතු ඇටේ වෙලා ඉන්දියානු සාගරේ)
එදා බුදුන් වැඩියෙ අපි නිසාලු තුන් සැරේ (බුදුන් වැඩියෙ අපි නිසාලු තුන්

සැරේ)
එහෙව් රටේ අපි තාමත් කළුවරේ (කළුවරේ)

 

01
Nov
13

විනය හා විනය

මේ ලිපිය මේ අඩවියේ තේමාව වන ගීය ට අදාල නැහැ. ඒත් ඇහැ කන පියාගෙන හිටියොත් අපට ගීයක් රසවිඳින්නවත් ලොවක් තියේවිද?

එනිසා මෙය පළකරමි.

අප කරණ කුමන හෝ කාර්යයක් තුළ විනයක් පවත්වා නොගනී නම්, තමන්ටත්, අසල්වැසියාටත්, ගමටත්, රටටත්, ලෝකයටත් වන්නේ විනයක්මය.
අද අප ඉන්නේ තාක්ෂණයෙන් ඉතා ඉහළ තැනකය. එය සැබැවි.
එහෙත් තාක්ෂණය පරිහරණය කරන්නෝ ඉන්නේ කොතැනද?
නව මං සොයා යමින්, නව නිපැයුම් තනමින්, ලෝකයට දැනුම බෙදන්නෝ ඉන්නේ ඉතාම අඩු ප්‍රමාණයකි. මහත්සේ සිත කය වෙහෙසා එවැන්නන් තැනූ දේ, බොහෝ අය පරිහරණය කරන්නේ වඳුරාට දැලි පිහිය අසුවූ විලාසෙනි. මේකෙන් මොනවා කරනවාද, මේක පාවිච්චි කළ යුත්තේ කොතැනද, මේක පත්තියන්ද, නැත්ද, මූට මේ කිසිවක් ගැන තේරුමක් නැත. මූ පිහිය වනන්නේ තනිකරම පයිත්තියන් කාරයකු විලසිනි.
වැරැද්ද කොතැනද?
පාලනයක් නැති කමයි. පාලනයක් නැති තැන හික්මීමක් ප්‍රගුණ නොකළෝ නටන්නේ පිස්සුමය. ඒ පිස්සු වල විපාක හත් මුතු පරම්පරාවක්ම විඳවනවාය. අපේ ඉතිහාසයේ මේවාට ඕනෑතරම් උදාහරණ ඇත. පිස්සු කෙළින්නන් කොතැනත් බහුලය. එනිසාවෙනි අප දන්නා ඉතිහාසයේ සිටම රංචුවකට නායකයෙක් බිහිවූයේ. (පිස්සු නායකයෙකු බිහිවූවොත් අනේ උන් රැළට දෙයියන්නේම පිහිටයි.)
නායකයකු සිටියද පාලනය සඳහා නීති රීති අවශ්‍ය වේ. නීතිය ක්‍රියාත්මක නොවේ නම්, තියෙන නීතියේ හිඩැස්, අඩු ලුහුඬුකම් තිබේ නම් නායකයකු සිටියද වැඩක් නැත. හෙට දවසේ යහපත් ලොවක් තිබෙන්නට නම්, රැහේ නායකයා අතිශය විනයගරුක, හික්මීමක් ඇති, මනා සංයමයක් ඇති, දුර දක්නා නුවණින් හෙබි, දැහැමි පුද්ගලයෙකු විය යුතුය. ඔය සියල්ල 100% ක් පිහිටි කවරෙකු හෝ නැති බවද සැබෑය.
හොඳ නායකයකු ඇති කල ඔක්කොම හරිද?
රහතන් වහන්සේලා සිටිද්දී වජ්ජී භික්ෂුන් ද සිටියහ. අජාසත්ත සිටියේ බිම්බිසාර සිටයදීමය. අහිංසක ව, අංගුලිමාල කරවූවෝ සිටියේ එකම විටය. නාලාගිරි ලා ආලවකලා ජුදාස්ලා ගැන අප නොදන්නවාද? ඒත් එදා සිටම අදත් පිස්සු කෙළීම පවතී. හෙටත් පවතින්නේය. ඒ ලෝකෙ හැටිය.
බුදුන් වහන්සේට මේ ඔක්කොම ගොඩදාන්න හැකිවූයේ නැත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට හෝ මොහම්මද් තුමාට හෝ ද නොහැකි විය. ලෝකය යන්නේ එහෙමය. පිස්සු කෙළීම යහපත් සමාජයක් පැවතීමට එරෙහිව ක්‍රියාකාරකම් වල නියැලීම, යන කාරණයන් උච්ච වීම, ලෝක විනාසයයි. මිනිසාගේ විනාසයයි.
කලින් කලට ශ්‍රාස්තූවරු පහලවන්නේ මේ ඔද්දල් වූ සමාජය පිරිපහදු කිරීමටයි. නායකයෙක් (යහපත් නායකයන්) පහලවන්නේ රැල යහමගේ දක්කාගෙන යාමටයි.
ඒත් නායකයාට සියල්ල කළ නොහැක්කේය. ඔහුට සහය අවශ්‍යය. නිවැරදි කළයුතු තැන් පෙන්වා දෙන උපදේශකයන් අවශ්‍යය. ඒ හැමගේ අරමුණ විය යුත්තේ යහපත් හෙට දවසක් ගොඩනැගීම විය යුතුය.
අද හැමතැනම යන්නේ බල අරගලය පිළිබඳ ගේමක්ය. මොන මගෝඩියක් පාහර වැඩක් කරලා හරි බලය ගොඩනගාගන්න හදන එවුන් සුර සිහින දැක්කාට, උන්ට සුර ලෝකයක් නැත. ඒ බව හැම ශ්‍රාස්තූන් වහන්සේලාම දේශනා කර ඇති නුමුත්, ඒක දන්නේ ද යමක් කමක් තේරුම් ගත හැකි සොච්චමක්මය. ඒත් මුන් ගේ මේ ගේම අස්සේ අගාදයට යන්නේ, හෙට දවසය. සමාජය දූෂ්‍ය කරණ නොයෙකුත් දේ වපුරමින් තම අරමුණු හරි කර ගන්නට දඟලන හැත්තට, හෙට ලෝකය පේන්නේ නැත. හෙට දවස යහපත් විය යුතුයැයි චින්තනයක් උන්ට නැත.
ඉදින් මේ විගඩම් කෙළිය මෙහෙම යන්න ඇරලා බලා හිටියොත් අධිවේගයෙන් විනාසයට ළඟාවිය හැක. අද සිදුවී ඇති ලොකුම වින්නැහිය නම් සමාජය විසෙන් සම්තෘප්ත තත්වයකට පත්ව තිබීමයි. ඒ බැව් අද සමජයට තේරෙන්නේ නැතිවා
මෙන්ම, තේරෙන්න ඉඩක් හරින්නේද නැත. බල අරගලයේ ඉන්නෝ ඉතා සූක්ෂ්මව සමාජයට විස පොවත්. බැලූ බැල්මට හරි ෂෝක් වැඩය. එහෙත් යටින් යන්නේ මුළු මහත් මිනිස් සංහතියම විනාස කරණ මූල්‍යමය හෝ බලය තකා වූ තුච්ඡ වැඩපිළිවෙලක්ය.
මේ නස්පත්තියට ප්‍රධානම හේතුව විනය පිරිහීමය. ඊයේ ජාතික රූපවාහිනියේ සජීවී වැඩසටනකට සහභාගි වූ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය කුමාර හිරිඹුරේගම මැතිතුමා පැවසූ වචන ටිකක් අහම්බෙන් මගේ කණට ඇහුණමුත් අවාසනාවකට මුළු කතාව ශ්‍රවණයට අවස්ථාවක් නොලද්දෙමි. ඔහු කීවේ තමා පාසල් යන විට තම පාසැලේ ඔහුට වෙසෙසින්ම ඉගැන්වූයේ විෂය දැනුමට වඩා විනය බවයි. මගේ පංතියේම ශිල්ප හැදෑරූ එතුමා කී කාරණය ඌනපූරණයක් ඇතිව මම මෙසේ කියමි.
අපට එකල විනය විෂයක් ලෙස ඉගැන්වූවා නොවේ. එකල අපේ ගුරුවරු අපට ගුරුහරුකම් දුන්නේ විනයක් නැතිව ශිල්ප ශාස්ත්‍රය හැදෑරුවාට වැඩක් නොමැති බව පසක් වන අයුරින්ය . හැමවිටම ඔවුන් ක්‍රියා කළේ අපට ඒ බව දැනෙන අයුරින්ය. එවන් පරිසරයක් අපේ පාසලේ තිබුණු බව මා ද මතක් කරන්නේ අපේ ගුරු දෙවිවරුන්ට භක්ති ප්‍රණාමය ද පුදකරමිනි.
ඇස් ඇර බලන්න. නුවණින් දකින්න. ඔබ කරන්නේ කුමක්ද? හෙට ලෝකය විනාශ මුඛයට ඇද දමන දෙයක් නම් ඔබෙන් සිදු වන්නේ, ඔබ පව්කාරයෙකි. අප හැමෝම තරඟයකය. ඒ තරඟය දිනන්න හදන්නේ ප්‍රෝඩාවකින් නම්, මගෝඩියකින් නම් ඔබ ගෙල සිඳින්නේ ඔබේම පුතණුවන්ගේය. ඔබ කෙළසන්නේ ඔබේම දියණියය. ඔබ නින්දා කරන්නේ ඔබේම පරපුරටය. ඔබේ රටටය. සමස්ථ මිනිස් සංහතියටමය.

එතකොට මේ අපි විතරද ඔය විනය රකින්න ඔනේ? මහ එවුන් ට ඕන එකක් කැපයි ද? උන් කරණ පාහරකම් දස සුනඛ වැඩ ඕකේ ද? යැයි නහරයෙක් කියනු ඇත. කෝ හික්මීම? කෝ කාරණා කාරණා තේරුම් ගැනීමේ ශක්තිය? මේවා සූක්ෂ්ම ලෙස ඔබෙන් පලවා හැරලා. ඉඳුරන් පිනවීමටම මුල් තැන දෙමින් ඇතුරූ දහසක් විස ව්‍යාපාර වලින් ඔබේ මනස අවුල් කරලා. තරුණ දිවිය තුළ අරගලයට ඇති නැඹුරුව දන්නා මේ දුෂ්ට හැතිකරය ඔබේ ඒ ශක්තීන් යොදාගෙන තියෙන්නෙ ලෝකය ගොඩනගන්න නොවෙයි, ඔවුන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගන්න. ඔබ මුලාවෙලා.
ජනාධිපති තුමා ඊයෙ පෙරේදා දවසක FACEBOOK එකේ නොදකින යහළුවන් ගැන පවසමින් ඔබට තේරුම් කරන්න හැදුවෙ, ඒ තුළ විය හැකි අනර්ථයන්, විනාසයන් ගැන ඔබට කියා දෙන්න. ඒක ඇතැමෙක් එතුමා FACEBOOK විරෝධියෙක් ලෙස හුවා දක්වන්න යොදාගෙන තියෙනවා.
එතනත් කාරණා තේරුම් ගැනීමේ නුවණේ බාලකම. ඔන්න හොඳ පොටක්
දෙන්නම් වැඩේ.
මම කලිනුත් සඳහන් කළා සේ හික්මීම, විනය වගේ දේවල් මිනිහෙකුගේ ජීවිතයේ දවසින් දෙකෙන් ගොඩනගා ගත හැකි දේවල් නොවේ. ඒවා බොහෝ කාලයක් තුල හොඳ ගුරුහරුකම් මැද ප්‍රගූණකිරීම තුලින් වගා කරගත යුතු ගුණාංග. පහුගිය දශක තුන හතරක කාලයේදී අපේ රටේ මිනිස්සු අතරින් මේ උතුම් ගුණාංග පලා ගියා. පලා යන තැනට විනේ කැටුවා. ශාපේ තොපි කාට වුනත් හෙටත් මෙහෙම වෙන්න ඇරලා බලාහිටියොත් ඔබත් ඒකට සම්මාදම් කාරයෙක්.