Archive for December, 2011

17
Dec
11

යේ යේ කතිරිනා Ye Ye Cathrina

ගෝවඉන්දියාවේ කුඩාම ප්‍රාන්තයයි (වර්ග කි මී 3,702). භූමි ප්‍රමාණයෙන් තමිල්නාඩු ප්‍රාන්තය ලංකාව මෙන් දෙගුණයක් වෙද්දි, ගෝවේ මුළු භූමි ප්‍රමාණය ලංකාවේ බස්නාහිර පළාත (වර්ග කි මී 3,709) තරම්. ගෝවේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නෙ සංචාරක ව්‍යාපාරය. එය ලොව ප්‍රචලිත සංචාරක පාරාදීසයක්. පතල් කර්මාන්තය ආශ්‍රිතව ලබාගන්නා යකඩ, වෙනත් ලෝහ හා ඛණිජ, ආදායම් ගෙනෙන දෙවැනි මාර්ගය වෙනවා. ගෝව ඉන්දියාවේ කුඩාම ප්‍රාන්තය වුවත් ඉතා පොහොසත්ම ප්‍රාන්තයක්.

indiaGoamap of Goa

1510 දි පෘතුගීසින් ගෝව ඔවුනගේ පාලනයට නතු කර ගන්නවා. 1947 දි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉන්දියාවට නිදහස ලැබුනත්, පෘතුගාල පාලනයට යටත්ව පැවති ගෝවට නිදහස ලබාදීම පෘතුගාලය විසින් ප්‍රතික්ෂේප කරණවා. පෘතුගීසි පාලනයෙන් නිදහස් වී ඉන්දියානු ප්‍රාන්තයක් ලෙස ගෝව පත්වෙන්නෙ 1961 දෙසැම්බර් 19 වැනිදා. ඒ කියන්නෙ මීට වසර 50 කට ඉස්සර.

වසර 450 ක් පමණ කාලයක් පෘතිගීසි යටත් විජිතයක්ව පැවති නිසාම ගොවේ සංස්කෘතික ලක්ෂණ ද ඉන්දියාව තුළ විශේෂත්වයක් ගන්නවා. ගෝවේ ප්‍රධාන භාෂාවකොන්කානි”. අපේ රටේ බයිලා නමින් ප්‍රචලිත ගීත(කපිරිඤ්ඤා සංගීතය) වගේ තමයි ගෝවේ කොන්කානි ගීත.

Ye ye cathrina නම් වූ මේ ගීය අහන්න. Henry D’Souza සමග Helen D’Cruz ගයන මේ ගීය අපට හොඳින්ම හුරුපුරුදුයි නේද?

Ye ye kathrina
Na Na Younchina ,,,//

Tuka bycala thoun mahim’k vortho
Mahim than tuko bandra vortho
Bandra cha thya rananth tuka loving chikoitha

Sadans mujha patlan yethai laus nasthana
Kathrin Kathrin munoun thuji ladin sukana
Potlun dorun vagin mujha mog karthana
Laus kithyak soglo soumsar haav dakoithana

Sal Sal Younchina
Kithyal Baye Kathrina ,,,//
Botete vade gaun dishi
Bail puri badun dishi
bycala ani america sangatha yetha

Sabar saley maka lagun mithyo marthaley
thitlye korun vagien dorun mog karthaley

Utra tujhi iekun baye maka amaal zaley
Kathrin baye tuve maka cathrinth galey

Ye ye kathrina
Na Na Younchina ,,,//

Tuka bycala thoun mahim’k vortho
Mahim than tuko bandra vortho
Bandra cha thya rananth tuka loving chikoitha

Barah sorun therah lagli praie zalie maka
Ounkar ravoun puro zaley kazar za moga
Bees hazar doth ani ghar tu di maka
Na thar baye dismiss kaley thu maka naka
,,,//

Ye ye kathrina
Na Na Younchina ,,,//
Tuka bycala thoun mahim’k vortho
Mahim than tuko bandra vortho
Bandra cha thya rananth tuka loving chikoitha

Sal Sal Younchina
Kithyal Baye Kathrina ,,,//
Botete vade gaun dishi
Bail puri badun dishi
bycala ani america sangatha yetha

යේ යේ කතිරිනා

හා මගේ ලව්සිනා…//

බයිසිකලේ රෝදෙ වගේ කැරකේ ජීවිතය අපේ

වයස හොඳයි කාලෙ සුපර් මොකද කියන්නේ

දොළොස් මසක් ගහපු පදේ තාම ගහන්නේ

ෆේමස් මඩ කැප්ටන්ලා කවුද බඳින්නේ

වයි ඩාලින් මගෙ මුහුණට ඔහොම කියන්නේ

නෝටි ගර්ල් මගෙ හදවත ෆයර් කරන්නේ

තරහද මගෙ ලව්සිනා

අයියෝ නෑ කතිරිනා

බඳිමුද අපි ලව්සිනා

අයැම් රෙඩි කතිරිනා

විහිළුවටයි බැන්නෙ ඔන්න සයිකො ගහන්නැතුව ඉන්න

සයිකලයේ රෝදෙ ඔබයි හැන්ඩ්ල් එකයි මං

මොනව වුනත් ඔයා මගේ ප්‍රේම සාගරේ

ගෝරි ගියත් නැතත් ආදරෙයිනෙ මා කෙරේ

අතරින් පතරින් ඇවිත් නිතර පෙන්නුවට බලේ

කැතරින් පණේ බොහොකල් ඔයා වැටිල මගෙ දැලේ

මගෙ කිරි හට්ටිය ලව්සිනා

පැණි මුට්ටිය කතිරිනා

වයමුද අපි රවිකිඤ්ඤා

ගහමුද අපි කපිරිඤ්ඤා

විහිළුවටයි බැන්නෙ ඔන්න සයිකො ගහන්නැතුව ඉන්න

සයිකලයේ රෝදෙ ඔබයි හැන්ඩ්ල් එකයි මං

වෙන් යූ ලව් ඇට් අනිත් කෙල්ලො සිතට වේදනා

ඩූ යූ නෝ දැට් මම ඔයාගෙ ලවිං කතිරිනා

කොල්ලො කෙල්ලො එක් වුනාම හරිම සෝභනා

වෙන් වි එන්ටර් ලවර්ස් වර්ල්ඩ් ෆනී චේතනා

ඉන්න බැහැනෙ වෙන්වෙලා

බයිල කියමු ළංවෙලා

සිකුරු තරුව පායලා

ප්‍රේම ලෝකෙ එළිවෙලා

විහිළුවටයි බැන්නෙ ඔන්න සයිකො ගහන්නැතුව ඉන්න

සයිකලයේ රෝදෙ ඔබයි හැන්ඩ්ල් එකයි මං

රූප රපටි කතිරිනා සුදු රත්තරන් මගේ

ආදර ලෝකයට යමුද කුරුල්ලන් වගේ

පමා නොවී ළඟදිම අපි බැන්දොතින් අගේ

ඔයයි මමයි ජාඩි වලට මූඩියක් වගේ

එන්න යන්න කතිරිනා

හා හා මෙ ඉන්න ටිකක් ලව්සිනා

බයිසිකලෙන් කතිරිනා

යමු හනිමූන් ලව්සිනා

විහිළුවටයි බැන්නෙ ඔන්න සයිකො ගහන්නැතුව ඉන්න

සයිකලයේ රෝදෙ ඔබයි හැන්ඩ්ල් එකයි මං